අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් කතානායකවරයාට දැනුම් දී ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිෂාඩ් බදියුදීන්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව සකස් කර ඇත.
මොවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගූ පිරිස්වලට සාක්ෂි සහිතව පොලිස් විමර්ශන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබාදුන්නේය. ඒ අනුව ලැබුණු පැමිණිල්ලක් ගණනාවක් විමර්ශනය කළ පොලිස් කමිටුව එල්ල වූ චෝදනා සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැතැයි නිගමනය කළේය.
අනතුරුව මේ තිදෙනාගෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අප්‍රේල් 21 ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට නැගුන චෝදනා පදනම් විරහිත බව කතානායකවරයාට මෙම කමිටුව වාර්තා කර ඇත.