ලංකාවේ විශාලතම නෞකාව ජපානයට

0

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම නෞකාව ජපානය වෙනුවෙන් ලබාදී මෙරට ඉංජිනේරුවරුන් පියවර ගත්හ.

මෙම නෞකාව අධිතාක්ෂණික කේබල් මුහුදු පතුලේ එළීම වෙනුවෙන් නිපද වුවක්.

කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය විසින් නිර්මාණය කළ මෙම නෞකාව.ඩී.අයි කේබල් ඉන්ෆිනිට් යන නමින් හදුන්වනු ලබනවා. මෙය නිෂ්පාදනය කර ඇත්තේ ජපානයේ කොකුසායි කේබල් ෂිප් පුද්ගලික සමාගම වෙනුවෙන්.

මෙහි විශේෂත්වය වන්නේ සන්නිවේදන සහ විදුලි රැහැන් දෙවර්ගයම ගැඹුරු මුහුදේ එළිමට මෙම නෞකාවට හැකිවීමයි.

දිගින් මීටර් 113.1 ක්ද පළලින් මීටර 21.5 ක්ද මීටර් 8.8 ක ගැඹුරකින්ද යුක්තවන මෙම නෞකාව ටොන් 5757 ක ධාරීතාවයකදී මීටර් 7.1 ක උපරිම ගිලුම් දුරකින් සමන්විත වේ..

කේ.ඩී.ඩී.අයි කේබල් ඉන්ෆිනිට් නෞකාව (21)දින නිල වශයෙන් මෙරට මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජපානය වෙත භාරදීම සිදුකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here