ආරම්භකයන්ගේ ජයග්‍රහණය

0

2019 ලෝක කුසලාන අවසාන මහා තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවැත් වුණා. ඒ එංගලන්තය සහ නවසීලන්තය අතරයි. මෙම තරගයේ ජය හිමිකර ගැනීමට එංගලන්තය සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241 රැස් කර ගැනීමට සමත් විය. නියමිත පන්දුවාර අවසානයේ එංගලන්තය ද ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වු නිසා ළකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් පැවැත්විණි.

එහිදි එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු සංඛ්‍යාව 15ක් රැස් කරගත් අතර ලකුණු 16ක ඉලක්කයක් නවසීලන්තයට හිමි විය. නමුත් නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබාගත්තේය.

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වය නම් ක්‍රිකට් හදුන්වා දුන් එංගලන්තය වසර48 න් මෙම ජය ලැබීමයි.

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ උපත 1971 එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර සිදුවූ අතර එදා පටන් ලෝක කුසලාන 11ක් මේ වන තෙක් පැවැත්විණ. ඔස්ට්‍රේලියාව ඉන් 5ක් ජය ගත්තද එංගලන්තයි කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළේය. ඉදින් මේ ඔවුන් බලා සිටිම ජයග්‍රහණයකි. එනිසාම මෙය එංගලන්ත ඉතිහාසයේ ස්වර්ණමය දවසක්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here