ගාලු වරායේ නෞකාවක් ගසාගෙන යයි

0
Girl in a jacket

ගාල්ල පිටත වාරයේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නෞකාව නැංගුරම කඩාගෙන, ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක වැදි සිර වී තිබෙනවා.

මේ වන විට නෞකාවේ 15ක පමණ පිරිසක් සිටින බවයි ආරංචි වන්නේ.

මේ ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද නැව බවත් නැව නාවිකයින්ද සමග මෙසේ ගසාගෙන ගොස් ඇති බවයි ගාල්ල වරාය පොලිසිය පවසන්නේ.

කෙසේේ වෙතත් මේ වනවිට ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී තිබෙනවා.

මේ වන විට නෞකාවේ පිරිස බේරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here