චීනයෙන් මෙරටට ඉන්ධන සමාගමක්

0

සේද මාවත ආසන්නයේ පිහිටි චීනයට වටිනාම රටක් වන ශ්‍රී ලංකාවට චීනය විසින් නැවතත් ආයෝජනයක් කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

එනම් චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය මගින් මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. සිනොපෙක් ආයතනය ශ්‍රී ලංකාව තුළ මෙලෙස ඉන්ධන සමාගමක් පිහිටුවීමේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ, සූවස් ඇළ සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර ප්‍රධාන නැව් මාර්ගයේ නෞකාවලට ඉන්ධන සැපයීමේ අරමුණයි. ඒ අනුව හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙය ෆුවෙල් ඔයිල් ශ්‍රී ලංකා සමාගම ලෙස නම් කර ඇත.

චීන මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ 2020 වන විට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවක් සහිත මෙම සමාගම විදුලි බලාගාර සඳහා භාවිත කරන ඉන්ධන ද සැපයීමට අපේක්ෂා කරන බවයි.

හම්බන්තොට වරාය හා අයෝජන කලාපයේ මේ වන විටත් චීන සමාගම් කිහිපයක් ආයෝජනය කර ඇති අතර ඒවා නම් ද චයිනා මර්චන්ට් පෝර්ට් හෝලිඩින්ස්, චයිනා හාබර් ඉංජිනියරින් සහ තවත් චීන සමාගම්ය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here