නවසීලන්තයට ලෝක කුසලානය අහිමි කළ එක ලකුණ ගැන කුමාර ධර්මසේන කියන කතාව

0

නවසීලන්තය හා එංගලන්තය අතර ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගැනීම සඳහා පැවති අවසන් මහා තරඟයේ දී ලාංකිකයකු කාගෙත් අවධානය දිනා ගනු ලැබුවා. ඒ එම තරඟයෙහි ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන මහතාය. ලෝක කුසලානයෙහි ඉරණම තීන්දු කළ ලකුණු හය ලෙස තරඟයෙහි තීරණය මුළුමනින්ම වෙනස් කළ ලකුණු හය එංගලන්තයට ලබා දීම නිසා කුමාර ධර්මසේන පිලිබඳ විවිධ අදහස් මතිමතාන්තර පැසසුම් මෙන්ම චෝදනා ද ඇති වුණා.

අංක එකේ ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස ලංකාවේ නම ක්‍රිකට් ක්‍රීඩාව තුල නැවත නැවතත් ඉස්මතු කරන කුමාර ඔහුට එල්ලවන චෝදනා පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙසේය.

අපේ අය ලොකු කරන්න හදන දේ දිහා බැලුවම මට ලොකු කණගාටුවක් දැනෙනවා. මෙහෙම හිතන්න. ප්‍රධාන විනිසුරු හැටියට මම වයිඩ් එකක් දුන්නොත් ඒක කාටවත් වෙනස් කරන්න බැහැනේ. මේකත් එහෙම එකක්. මට මේ වගේ එකක් තුන්වෙනි විනිසුරුගෙන් අහන්න බෑ. අහන්න පුළුවන් මගේ අනෙක් විනිසුරුගෙන් විතරයි.

ඉතින් අපි දෙන්නටම තේරිච්ච දෙයක් තමයි බෙන් ස්ටොක්ස් කියන ක්‍රීඩකයා අනෙක් පැත්තේ සීමාව සටහන් කරනකොට පන්දු රකින්නාගේ බොලේ රිලීස් වෙච්ච අවස්ථාවේ දී ඒ දෙන්නා ක්‍රොස් කරලා හිටියා කියන එක. ඒත් ඕනම කෙනෙක්ට තරන්නයෙන් පස්සේ කැමරාවෙන් බලලා ඕනම නිගමනයකට එන්න පුළුවන්. ඒවා බලනකොට අපිට වුණත් පේනවා එතන වැරැද්දක් වෙලා තියෙනවා කියන එක. හැබැයි තෙවැනි විනිසුරුට දාලා අපිට ඒ වැරැද්ද නිවැරදි කරගන්න බෑ.

නවසීලන්ත ක්‍රීඩකයා පන්දුව විකට් එකට යොමු කරන කරන වෙලාවේ දී මෙයලා දෙන්නා ක්‍රොස් කරලා තියෙනව ද කියලා බලන්න ඕන. ඒ හැමදේම කරන්න මට ඇස් හයක් විතර තියෙන්න ඕන. ඔය වගේ දෙයක් තෙවැනි විනිසුරුට දැම්ම නම් හොඳයි කියලා ඕන කෙනෙක් කියාවි. නෝ බෝල් එකක් වයිඩ් එකක් චෙක් කරගන්න අපි තෙවැනි විනිසුරුට දාන්නේ නෑ. එහෙනම් අපි මෙතන ඉන්න ඕන නෑනේ. එහෙම දැම්ම නම් ඔයා ඒක තෙවැනි විනිසුරුට දැම්මේ කොහොමද කියලා එංගලන්ත ක්‍රීඩකයන් ඇවිත් මගෙන් අහවි. ඒ වගේ මං බෙන් ස්ටොක්ස් එහා පැත්තේ තබා ගත්තා නම් එයා ඇවිල්ලා බැට් එකෙන් මගේ ඔළුවට් ගහන්නත් තිබුණා.(සිනා සෙමින්)කොහොම වුණත් අයි.සී.සී එක මං ගත්ත තීරණය ගැන ප්‍රශංසා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here