ලංකාවට එංගලන්න කසළ ගෙන්වා ඇත්තේ ධම්මික පෙරේරාගේ හේලීස් සමාගමෙන්.. ඔහු මීලග ‘ආටිෆිශල් ඉන්ටෙලිජන්ස්’ ජනාධිපතියි..

0

විදේශ රටවලින් මෙතෙක් මෙරටට කසළ ඇතුළත් බහාළුම් එකසිය එකක් ආනයනය කර ඇත්තේ ඒ නිසා ‘හේලීස් ෆ‍්‍රී සෝන්’ සමාගම විසින් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

එම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සමාගමක් නොව 2014 වසරේ සිට ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ කටයුතු කරන බවද ඔවුන් සඳහන් කරයි.

2017 වසරේදී මෙම සමාගම විසින් ප්‍රති අපනයනය කිරීමට මෙරටට ගෙන්වා ඇති පාවිච්චි කරන භාණ්ඩ ඇතුළත් බහාළුම් 130ක් එක්සත් රාජධානියෙන් ආනයනය කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන මණ්ඩලය කියා සිටී.

නමුත් 2018 ජනවාරි මාසයේ සිට එම භාණ්ඩ ප්‍රතිඅපනයනය නොකර මෙය නොකර ගබඩා කර තිබෙන බව ආයෝජන මණ්ඩලයේ තීක්ෂණ භාජනය වූ බව නිවේදනයෙන් කියයි.

ඒ අනුව සමාගමට දැඩිව අවවාද කරමින් ගිවිසුම අනුව එම භාණ්ඩ හැකි ඉක්මනින් ප්‍රති අපනයනය කිරීමට හා අදාල පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙසත් දැන්වූ බව ආයෝජන මණ්ඩලය කියා සිටියේය.

‘හේලීස්’ සමාගම සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ වැඩි කොටස් හිමිකාරීත්වයෙන් යුතු එකක් වන අතර ඔහු මීළඟ ජනාධිපතිවරණන්‍ට ඉදිරිපත් වී ‘ආටිෆිශල් ඉන්ටෙලිජන්ස්’ යටතේ ශ්‍රී ලංකාව දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත.

පසුව ඔහු කියා සිටියේ ඉදිරි රටවල මුදල් අමාත්‍යංශය ලේකම් ධුරයද ඔහු බලාපොරොත්තු වෙන බවයි.

දියුණු රටවල සායනික අපද‍්‍රව්‍ය මේ ආකාරයෙන් ලොව පුරා නොදියුණු රටවලට විවිධ ව්‍යාපෘති යයි කියමින් බැහැර කිරීම සිදු කෙරෙමින් පවතින්නේ කලක පටන්ය.

මේ ආකාරයේ සායනික අපද‍්‍රව්‍ය කසල ගොඩවල් බවට පත් වූ අප‍්‍රකානු රටවල විවිධ දරුණු ගණයේ රෝගාබාදවලට ගොදුරු වූ ජනතාවක් දැකිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here