ලංකාවේ තේ කෝප්පයක් ලන්ඩනයේ 36,000 කට අලෙවි වේ

0

ලෝකයේ හොඳම තේ ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තේ දළුවලින් සාදා ගත් තේ කෝප්පයක් සඳහා ලන්ඩනයේ දී ඩොලර් 200 ක (රු 360,00)වටිනාකමක් හිමිවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තේ අලෙවි වන්නේ ලන්ඩනයේ බකිංහැම් මාළිගාව ඉදිරිපිට පිහිටි “ද රූබන්ස් ඇට් ද පැලස්” නම් අවන්හලේ දීය.

මෙහි තේ පෝච්චියක් ඩොලර් 620 (රු.109,000)ක් තරම් විශාල මුදලකට අලෙවි වන බව වාර්තා වේ.ගෙවන මුදලට සමාන වන රාජකීය පිරිනැමීමක් සහිත මෙම තේ පානය කිරීමට පෙර කිසිදු ආහරයක් නොගැනීම ද අවශ්‍ය වේ.

කඳුකරයෙන් නෙළා ගන්නා විල්ලුද සුවඳක් හමන,විශේෂිත සුදු වර්ණයක් ගන්නා මෙම තේ පානය ගෝල්ඩන් ටිප්ස් ටී යනුවෙන් ලන්ඩනයේ ප්‍රචලිත ය.

මෙය බ්‍රිතාන්‍යයේ මිල අධිකම තේ වර්ගය ලෙස වාර්තා වී තිබේ.

මෙම විශේෂිත දුලබ තේ වර්ගය බ්‍රිතාන්‍ය වෙත සපයනු ලබන්නේ ලංකාවේ අලෙවිකරුවකු වන පී.එම් ඩේවිඩ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමෙන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here