ෂාරුක් පුතු ආර්යයන් ලයන් කිං හි ‘සිම්බා’ ලෙස කරළියට ගෙනෙයි

0

සුප්‍රකට ලයන් කිං කාටුන් චිත්‍රපටයේ හින්දි අනුවර්තනය නිකුත් වී දින දෙකක් ඇතුළත කෝටි 30ක ආදායම් වාර්තාවක් තැබීම නිසා බොලිවුඩයේ කිං ෂාරුක් ඛාන් ඉතාම සතුටු වෙන බවට ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කළා. සතුටට හේතුව එහි මුෆාසා ගේ චරිතයට ඔහුගේ හඬ යොදා ගැනීමම නෙවෙයි. තමන්ගේ පුතා ආර්යයන් එහි ප්‍රධාන චරිතයක් වන සිම්බාගේ චරිතයට හඬ කැවීම ෂාරුක්ගේ සතුට දෙගුණ තෙගුණ කළා කිව්වොත් හරි.

රසිකයන්ටත් සහෝදර ශිල්පීන්ටත් ස්තූති කරමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙහෙම සඳහන් වෙනවා.

“බොහෝ දෙනෙක් ලයන් කිං රසවිඳින බව දැනගැනීමට ලැබීම සතුටක්. මෙම චිත්‍රපටයට හින්දි බසින් ජීවය දුන් සහායකයින් මිතුරන් හැමෝටම ස්තූතියි.”

නිකුත් වී කෙටි කලකදී ලයන් කිං ඉන්දීය බොක්ස් ඔෆිස් වාර්තාවන්හි හොඳ ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එය ඉදිරි දිනවලදී කෝටි 50 ක ආදායම් වාර්තාව ද ඉක්මවනු ඇති.

ඒ වගෙම ආර්යන් මෙහි සිම්බා ලෙස හඬ කැවීම් කරන බව ප්‍රවර්ධනය කිරීමට ෂාරුක් සෝෂල් භාවිත කළ ආකාරය චිත්‍රපටය මේ තරම් ආකර්ශනය වීමට හේතුවක් වුණා. වරෙක “මේරා සිම්බා” මගේ සිම්බා යනුවෙන් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට බෙදා ගෙන තිබුණා වගේම ආර්යයන් එක්ක මුෆාසා සහ සිම්බා ලෙස සටහන් කළ ඉන්දීය කණ්ඩායම් ටී ෂර්ට් ඇඳ සිටින ඡායාරූප ට්විටර් කරමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඇවිස්සුවා කිව්වොත් වැරදි නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here