අපේ අපේක්‍ෂක ගෝටා.. මහින්ද නිවේදනය කරයි..

0

රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

රට ගොඩනැංවීම සදහා විනය සහ නීතිය අත්‍යවශ්‍ය බවත් එසේ රට විනයවත් කල හැක්කේ විනයානුකූල පරිසරයක ජීවත්වූ පුද්ගලයෙකුට පමණක් බවත් පැවසූ මහින්ද රාජපක්ෂ මහතා සිය සහෝදරයාව රටේ ජනතාවට භාර කරන බව ජනතා හරසර මැද නිවේදනය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here