ජනාධිපතිවරණයට මමත් ඉල්ලනවා

0

තමාගේ මූලිකත්වයෙන් පිහිටවූ දේශපාලන පක්‍ෂයෙන් තමා හෝ පක්‍ෂයේ වෙනත් සුදුස්‌සකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා මහතා පවසයි.

වීර දුටුගැමුණු සංවිධානය මෙන්ම දේශීය ජනතා පක්‍ෂය තමාගේ නායකත්වයෙන් පවතින දේශපාලන පක්‍ෂ බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම පක්‍ෂ දෙකටම ගොවි, කම්කරු ජනතා බලවේගයක්‌ ගොඩනැගී තිබෙන බවත්, මේ යටතේ විවිධ තරාතිරමේ දැන උගතුන් සිටින බවත් ඒ අනුව මෙදා ජනාධිපතිවරණයට තමා හෝ පක්‍ෂයේ වෙනත් අයකු ඉදිරිපත් වන බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ පවතින සියලුම ප්‍රශ්න පිළිබඳව මනා අවබෝධයක්‌ තිබෙන තම දේශපාලන පක්‍ෂ දෙකට ඒවා විසඳිය හැකි බව ද හෙතෙම පැවැසීය.

තමාගේ මෙම වෑයමට මේ රටේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය ලැබෙන බව ද මර්වින් සිල්වා මහතා පැවැසීය.

 දැනටම අද මේ රටේ පැන නැගී තිබෙන විවිධ අර්බුදයන්, ප්‍රශ්න පිළිබඳව තමා මෙනෙහි කරගෙන යන බවත් හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here