ජනපති අපේක්‍ෂක ගැන අවසන් තීරණයට, රනිල් – සජිත් අද හමුවෙති

0

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමේ අරමුණින් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා අද (10) දා සවස අරලියගහ මන්දිරයේදී හමුවීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සහ අගමැතිවරයා අතර පසුගිය 06 දා පැවති සාකච්ඡුාවේදී තීරණය වූ පරිදි මෙම හමුව සිදුවන අතර මෙය කලින් යොදාගෙන තිබුණේ ඉරිදා (08) දා පැවැත්වීමටය.

එහෙත් එම දෙදෙනාම කාර්යබහුල වීම සහ කොළඹින් බැහැරව සිටීමත් නිසා එම හමුව අදට කල් දමනු ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here