තවත් එකක් ලීක් විමට පෙර..

0

සෞඛ්‍යය හෝ විද්‍යාව පීරියඩ් එකේදි ටීචර් “යෝනිය” කියන්නේ මොකක්ද ඇහුවම පල බූරුවා පන්තියෙන් එළියට කියනවා. නැත්නම් ගුණවත් සිල්වත් සංවර ගුරුවරු කියනවා පාඩම තනියෙන් කියවගන්න ළමයි කියලා.
ඊට පස්සේ ළමයා ලිංගික අධ්‍යාපනය ගන්නේ හන්දියේ පාක් එකේ ත්‍රීවිල් අයියාගෙන්. එහෙම නැත්නම් පොඩ්ඩක් රැවුල වැඩියෙන් වැවුණු කටහඩ ගොරෝසු වෙච්ච වැඩිමල් යාලුවෙක්ගෙන්. ගෑණු ළමයින්ටත් ඉතින් ඔය ටිකම තමා.

වයසින් බාල පුංචිලා නැන්දලා, ළගදි අඩු වයසින් කසාද බැදපු අක්කලා තමා ලිංගික අධ්‍යාපනය දෙන්නේ.
එතකොට අම්මලා ? තාත්තලා?? නෑ එයාලට ගානක් නෑ. නාවලා ගෙට ගත්තම ඔක්කෝම හරි කියලානේ හිතාගෙන ඉන්නේ.
ඉෂිතායි රමණුයි වීදුරු බිදලා සංකේතවත්ව රමණය වීම මැද සාලේ ඉදන් බැලුවට නව යොවුන් වියේ ළමයට ලිංගිකත්වය ගැන හරි ඔවදනක් දෙන්නේ නෑ.

ඒවා කැතයි. අප්‍රසන්නයි . යුතු නෑ. ඉතින් තරුණ ළමයි අවුරුදු 12 අවුරුදු 14 ඉදන් තියන කුතුහලයටත් එක්ක නිල් චිත්‍රපට බලලා අන්‍තිමට නවතින්නේ පෙම්වතා, පෙම්වතිය ඉස්සරහා අඩු වයසින් porn starsලා වෙලා.. ඔය නිල් චිත්‍රපට පොඩි උන් බලන එක නවත්තන්න බෑ. ඒ උන්ගේ වයසේ වැරද්ද . ඒත් ඒ සදහා තියන අවස්ථා අවම කිරිම හා විදිමත් ලිංගික අධ්‍යාපනයක් දීම දෙමාපිය ගුරුවරුන්ගේ වගකීම. ඒකට ලැජ්ජයි නම් තමන්ගේ දරුවා හෝ තමා උගන්වපු දරුවා අනාගතයේ porn video එකකින් බලන්න හිත හදාගනිල්ලා.
ලැප්ටොප් එකක් හරි , ලෝකේ තියන හොදම ෆෝන් එක හරි අරන් දීලා ළමයාව යුරෝපියන් ලෙවල් එකට ගෙනාවට වැඩක් නෑ , අනවශ්‍ය දේ වලින් වැලකෙන්න දරුවාට අධ්‍යාපනයකුත් ඒ මට්ටමටම දෙන්න බැරි නම්….

ඊළගට මේකේ ඉන්න කුණුහරුප පේජ් කාරයෝන්ටයි මේක ලීක් කරපු මොකාටහරි කියන්න තියෙන්නේ තොපිට ඔච්චර ආතල් නම් හඩක් නගපන් ලංකාවේ පෝන් ඉන්ඩස්ට්‍රි එකක් හදාගන්න. ඒක නම්බුයි යකෝ සංස්කෘතික ආගමික පසුබිම් රෙද්දට වැහිලා බෝධිසත්ව න්‍යායෙන් පෙනී ඉදලා පේජ් වලට ලයික් වැඩිකර ගන්න කාලෙන් කාලෙට එක එකා අරගෙන පෝස්ට් හදලා මිනිස්සුන්ව සමූහ දූෂණය කරනවාට වඩා…

පසුවදන :-
(වැඩිහිටියන්‍ට) ලිංගිකව එක්වීම, ඒවා වීඩියෝ කිරීම උඹලාගේ පෞද්ගලික නිදහසය. ඒකට කමක් නැත. නමුත් එහි පුද්ගලික මට්ටම ආරක්ෂා කරගැනීමටද වගබලා ගත යුතුය . නැත්නම් තොපිට වන්නේද එකා එකීගේ ස්වයං වින්දනයට ශ්‍රව්‍ය දෘශ්‍ය සැපයීමටය.

උපුටනයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here