නායකතුමණි අපේ පාක්ෂිකය ආරක්ෂා කිරීමට ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා – හරින්

0

නිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමා වෙනුවෙන් අපි අපේ ජීවිත කැප කරලා පක්ෂය ආරක්ෂා කළා නම් අද අපේ පාක්ෂිකය ආරක්ෂා කිරීමට ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා යනුවෙනි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති පළාත් පාලන නියෝජිත හමුවේදී පැවසීය.

මෙය පක්ෂයේ නායකයාගෙන් කරන ආයාචනයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

2014 දී පක්ෂය වැටී තිබෙන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී එජාපය ගොඩගැනීමට කටයුතු කළ හෙයින් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ඉල්ලීම කිරීමට තමන්ට හැකි බවයි ඔහු කියාසිටියේය. 

ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන බව තමන්ට විශ්වාස අතර පක්ෂයේ නායකයා ලෙස ඔහු මේ කරමින් හිඳින්නේ සජිත් ප්‍රේමදාස මහතා පිම්බීම දැයි සිතෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

කෙසේවෙතත් සිය නායකත්වය වන රනිල් වික්‍රමසිංහ මහතාගේ  හැසිරීම හඳුනා ගැනීමට තවදුරටත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට හැකි වී නැති බව නම් ඔහුගේ කතාවෙන්ම සහතික කර තිබේ. 

 Gossip Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here