ප්‍රයිම් Splendour හා Wrendale සමඟින් ප්‍රයිම් රෙසිඩන්සීස් සුඛෝපභෝගී නාගරික ජීවිතයට නව මානයක් එක් කරයි

0

ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක හා විශ්වාසදායි දේපළ සංවර්ධන සමාගම වන ප්‍රයිම් ලෑන්ඩ්ස් පෞද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ප්‍රයිම් රෙසිඩන්සීස් සිය නවතම සහාධිපත්‍ය සුපිරි නිවාස සංකීර්ණ ද්විත්වය වන ප්‍රයිම් ස්ප්ලෙන්ඩර් සහ ප්‍රයිම් රෙන්ඩේල් හි සියලුම ඒකක අලෙවි කරමින් කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානය තහවුරු කිරීමට නැවතත් සමත් වී තිබේ.

“මිහිකතෙන් හොඳම තැනක්” යන දැක්ම සමඟ ක්‍රියාත්මක ප්‍රයිම් රෙසිඩන්සීස් සැමවිටම කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ඉහළම තත්ත්වයේ සුපිරි නිවාස පාරිභෝගිකයන්ට ලබාදෙයි. එසේම නිසංසල සුවපහසු ජීවන රටාවත් සමඟ කොළඹට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටීම යන කරුණු නිසා වඩාත් සමබර අග නගර ජීවන රටාවකට හිමිකම් කීමේ අවස්ථාවද මේ නිසා එහි නිවැසියන්ට හිමිවෙයි.

මෙම සුඛෝපභෝගී මහල් නිවාස ද්විත්වයේ පළමුවෙන් වැඩ නිම වූ ප්‍රයිම් ස්ප්ලෙන්ඩර් හි නිවාස ඒකක 68ම පාරිභෝගිකයන් ඉතාමත් කඩිනමින් වෙන්කරවා ගනු ලැබීය. කොළඹට නුදුරු රාජගිරිය ප්‍රදේශයේ නිම වූ මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය, ප්‍රියසම්භාෂණ පැවැත්විය හැකි ඉහළ මහලක්, ළදරු පිහිනුම් තටාකයක් සහිත විශාල පිහිනුම් තටාකයක් මෙන්ම ඉහළ මහලේ අංගසම්පූර්ණ ව්‍යායාම මධ්‍යස්ථානයකින් ආදී විශේෂාංග රැසකින් සමන්විත වේ.

නිවාස ඒකක 54කින් සමන්විත ප්‍රයිම් රෙන්ඩේල් ව්‍යාපෘතියද රාජගිරිය ප්‍රදේශයේ දැකුම්කලු වටපිටාවක් සහිත මනරම් ස්ථානයක පිහිටා ඇති අතර ප්‍රයිම් ස්ප්ලෙන්ඩර් සතු සියලු පහසුකම් ප්‍රයිම් රෙන්ඩේල් සතුවේ.

ප්‍රයිම් සමූහයේ නියෝජ්‍ය සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින්, “පුළුල් මාවත්, ආපනශාලා, සාප්පු සංකීර්ණ, බැංකු සහ පාසල් යනාදී සියලු දෙයින් අංගසම්පූර්ණ රාජගිරිය වාසය කිරීමට වඩාත් සුදුසු ප්‍රදේශයක්, සාපේක්ෂව දැරිය හැකි මිලකට සුපිරි සුඛෝපභෝගී ජීවන රටාවකට උරුමකම් කීමට රාජගිරියේ පිහිටි මෙම නිවාස සංකීර්ණ ද්විත්වය ඔබට අවස්ථාව ලබාදෙනවා යැයි” ඇය පවසන්නීය.

සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති ඒකක 41ක් නිම කිරීමේ ප්‍රයිම් රෙසිඩෙන්සීස් ව්‍යාපෘතිය තුළ 2019 ඉලක්කයන් සපුරාලීමට මෙම නිවාස ව්‍යාපෘති ද්විත්වය සමඟ ප්‍රයිම් රෙසිඩෙන්සීස් වෙත හැකියාව ලැබී තිබේ. ප්‍රයිම් රෙසිඩෙන්සීස් හා සියලුම ව්‍යාපෘති නිවාස සහ සමෘද්ධි අමාත්‍යාංශයේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සහාධිපත්‍ය සහතිකය හිමි ව්‍යාපෘතීන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here