මගේ අඩිය ඉදිරියට තියලා ඉවරයි නැවත පස්සට ගන්නේ නෑ – සජිත්

0

ජනාධිපති අපේක්ෂකත්වය ගැන තීන්දු ගැනීමට කොච්චර තටම තටම හිටියත් මම අඩියක් නෙවෙයි මිලි මීටරයක්වත් පස්සට යන්නේ නැහැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස කීවේය.

ඔහු එම අදහස් පළ කළේ ඉකුත්දා (7දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවකට සහභාගි වෙමින්ය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීම සම්බන්ධව සහාය පළ කිරීමට එම රැස්වීම කැඳවා තිබිණි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.  

අද දවස මම දකින්නේ සුන්දර දවසක් ලෙසයි. ඔබේ පැමිණීම සමඟ බිම් මට්ටමේ හද ගැස්ම අප තුළත් මේ ශාලාව තුළත් රැව් පිළිරැව් දෙනවා. ඔබේ පැමිණීමත් සමඟ වර්තමාන සංවර්ධනයෙත්, අනාගත සංවර්ධනයෙත් සුවඳ අපට දැනෙනවා. ඔබලා බිම් මට්ටම නියෝජනය කරන හඬයි. මේ රටේ සෑම ජන කොට්ඨාසයකම හෘද ස්පන්දනයයි. 

දැනුත් කට කතා යනවා හෙට, අනිද්දා අගමැති වෙනවා කියලා. පස්ස ‍ෙදාරෙන් අගමැතිකම ගන්න තරම් මම දේශපාලන අවජාතකයෙක් නෙවෙයි. රටේ පොදුජන ආශීර්වාදයෙන් මම යන්න ඕන තැනට යන්නේ ජනතාවගේ කරපිටින්. පස්ස ‍ෙදාරෙන් තනතුරු නොගත් මම ඉස්සරහ ‍ෙදාරෙන් රටේ ඉහළම තැනට යන්න බලාපොරොත්තු වෙනවා. 

නුවර, නුවරඑළියේ ජනාධිපති මන්දිරයේදී මාව හමුවෙන්න බැහැ. කොළඹ ජනාධිපති මන්දිරේ පැත්ත පළාතකවත් මම යන්නෙ නැහැ. මම ඉන්නෙ පොදු ජනතාවත් සමඟයි. මා කැටුව එන්නේ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයකු කියලත් මම ප්‍රකාශ කරනවා.

අපේ මේ උත්සාහය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජීවිත පරිත්‍යාග කළ පක්ෂය දෙකඩ කරන්න නෙවෙයි. නමුත් අද හැමෝම යථාර්ථය වටහාගෙන තිබෙනවා. පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය, එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධ පක්ෂ සියල්ලම ජප කරන්නේ සජිත් ඉස්සරහට එන්න කියලයි.

මට අවුරුදු 52යි. ජීවතුන් අතර සිටියොත් තව අවුරුදු 20ක් ඉන්න පුළුවන්. ඒත් එජාප පාක්ෂිකයන්ට තව අවුරුදු 20ක් ඉන්න පුළුවන්ද?’

Gossip Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here