සුළු පක්ෂ සමඟ පැවති සාකච්ඡා සාර්ථකයි – සජිත්

0

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාව අතිශයින් සාර්ථක වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසිය.

ඒ, සාකච්ඡාව නිමාවී පිටත්ව යන අතරේ මාධ්‍යවේදීන් කළ විමසීමේ දිය.

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසේදී ඊයේ (14) රාත්‍රී පැවති මෙම සාකච්ඡාව සඳහා චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාඩ් බද්දුර්දින්, මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන් සහභාගී වී ඇත. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය පලකරන එජාප අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

මෙහිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඊයේ රාත්‍රී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවේ දී ඇති කරගනු ලැබූ එකඟත්වයන් ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දෙන බව එම සාකච්ඡාවට එක්ව සිටි එජාපෙ පක්ෂ නායකයින් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here