Namal Rajapaksa Wedding (video)

0

ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ වැඩිමහල් පුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ සහ ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ සහ අරුණි වීරසිංහ මහත්මියගේ වැඩිමහල් දියණිය වන ලිමිනි වීරසිංහ මෙනෙවිය අතර විවාහ මංගල්‍යය ඊයේ(12දා) පැවැත්විණි.

නාමල්- ලිමිනි යුවළ දෙපාර්ශවයේම ආශීර්වාදය මැද අද උදෑසන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී  විවාහය ලියාපදිංචි කර පෝරුවේ චාරිත්‍ර සිදුකලා. 

මනමාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාගේ යෝගා ගුරුවරයා වන නන්ද සිරිවර්ධන මහතාත් මනාලියගේ පාර්ශ්වයෙන් ලිමිනිගේ පියා වන තිලක් වීරසිංහත් ඔන්න මේ විවාහයට අස්සන් කර තියනවා. 

මේ අවස්ථාවට ආරාධනා කරලා තියෙන්නේ දෙපාර්ශ්වයේම ළඟම ඥාතීන්ට සහ හිතවතුන්ට පමණක් වීම විශේෂත්වයක් වුනා. 

විවාහ මංගල උත්සවය රාත්‍රියේ  වීරකැටියේ කාල්ටන් උද්‍යානයේදී පැවති අතර  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ආණ්ඩුවේත්, විපක්ෂයේත් ජනතා නියෝජිතයන් 225 දෙනාටම මෙම මංගල උත්සවයට ආරාධනා කර තිබීම තවත් විශේෂත්වයක්. 

මීට අමතරව ව්‍යාපාරිකයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු තවත් ආරාධිතයන්ද මෙම මංගල උත්සවයට පැමින සිටියා. ඉතින් උදෑසන චාරිත්‍ර මේ විදිහට ඉවර වෙද්දී තවත් මේ වගේ ලස්සන ඡායාරූප රැසක එකතුවක් අපිට දැකගන්න ලැබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here