SLT Speedup පාපැදි සවාරිය අද සිට දින 5ක්

0

මෙරට පාපැදි ක්‍රීඩාවේ නව යුගයක් අරඹමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපැදි ඉසව්ව බවට පත්ව තිබෙන SLT Speedup පාපැදි සවාරිය අද (24දා) සිට දින පහක් පුරා පළාත් 9ම ආවරණය කරමින් ආරම්භවීමට නියමිතය. 

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ අදියර 5කින් යුත් මෙම පිරිමි පාපැදි සවාරිය කි.මී. 813කින් සමන්විතය. එහිදී කොළඹින් ඇරැඹි පානදුර, රත්නපුර හරහා ඇඹිලිපිටිය දක්වා පළමු අදියරත්, ඇඹිලිපිටිය වැල්ලවාය හරහා බණ්ඩාරවෙල දක්වා දෙවැනි අදියරත් පැවැත්වෙන අතර, නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා තෙවැනි අදියර පැවැත්වේ. සිවුවැනි අදියර කොටස් දෙකකින් යුක්තව පැවැත්වෙන අතර, එහිදී කුරුණෑගල සිට වවුනියාව දක්වා පළමු අර්ධයත්, වවුනියාවේ සිට ත්‍රිකුණාමලය දක්වා දෙවැනි අර්ධයත් පැවැත්වේ. 

මේ අතර අදියර දෙකකින් සමන්විත කාන්තා තරගාවලිය කි.මී. 161කින් සමන්විත වන අතර, එහි පළමු අදියර කොළඹ සිට කුරුණෑගල දක්වාත්, දෙවැනි අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා පැවැත්වීමට නියමිතය. 

කෙසේ වෙතත් මිලියනයක මුදල් ත්‍යාග ලබා දෙන මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය නාවුල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here