ඇතින්නියන් හත් දෙනා මියගියේ විෂ ශරීරගත වීමෙන්

0

හබරණ හිරිවඩුන්න රක්ෂිතයේ දී පසුගියදා අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙකු සහ උද්‍යාන භාරකරුවෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වනදා පත් කළා.
ඒ අනුව එම කමි‍ටුව විසින් අද ලබා දුන් වාර්තාවලට අනුව මෙම ඇතින්නියන්ගේ මරණය විෂ ශරීරගත වීමක් හේතුවෙන් සිදුව ඇති බව අනාවරණය වුණා. 
 කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඇතින්නියන් මිය යාමට හේතුව හෙට (10) දින ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි  වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසන්නේ.

නමුත් ශරීරගත වූ විෂ වර්ගය කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව වන ජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here