ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගනී..

0

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (16) රාත්‍රී 11.30 ට පමණ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නිශ්ශංක සේනාධිපති මහතා මේ වන විට කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන එමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here