ගෝඨා දුමින්දගේ නිවසට-අනුරාධපුර වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවනවා

0

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත පැමිණියේය.

දුමින්ද දිසානායක මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිගත් අතර, දෙදෙන  සුහද පිළිසදරක නිරත විය.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, දුමින්ද දිසානායක කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවයි.

මෙමෙ අවස්ථාවට පාක්ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුන් සමඟ ද ගෝඨාභය සුහද පිළිසදරක නිරත විය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක,එස්.එම් චන්ද්‍රසේන, ⁣ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී ඒකනායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here