දිවිහිමියෙන් සජිත්ව ජනපති කරන්න අවශ්‍ය පියවර ගන්නවා – වජිර

0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව භ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එ.ජා.ප. නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ ජනාධිපතිවරණ නෙළුව – තවලම බල මණ්ඩල රැස්වීම පසුගියදා අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ගාල්ලේ ජනාධිපතිවරණ සටනට එක රුපියලක් ඕන නැහැ. ඔබේ පියා එදා මට කරපු උදව්වට මම දිවිහිමියෙන් ඔබව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මම සජිත්ට කිව්වා. ඒ ගැන ඔබත් කිසිදු සැකයක් තියා ගන්න එපා. 

මම භීෂණ සමයේ දකුණු පළාත් සභාවට ඡන්දය ඉල්ලුවා. ඒ කාලයේ අපේ පක්ෂයේ නායක රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා මට කථා කරලා කිව්වා වජිර බැරිද පළමුවැනියා වෙන්න කියලා. මම කිව්වා ජනාධිපතිතුමා වැඩේ අමාරුයි. මහ ඇමති අපේක්ෂක ලෙස ඔබතුමා අමරසිරි මහත්තයා නම් කලානේ.

නැත්නම් මම තමයි පළමු වැනියා කියලා. එහිදී ජනාධිපතිතුමා මට කිව්වේ, ඔහු ජ්‍යේෂ්ඨයානේ.. ඔහු පත් නොකර බැහැ කියලා. එහෙනම් දෙවැනියා වෙන්න පුළුවන්ද ඇහුවා. මම කිව්වා පුළුවන් කියලා. 

මගෙන් ඇහුවා මොනවද නැත්තේ කියලා. සල්ලි නැහැ. සල්ලි තියෙනවා නම් පුළුන්ද? මම කිව්වා පුළුවන්. අප්‍රේල් මාසේ 17 වැනිදා දුරකථනයෙන් ප්‍රේමදාස මහතා මට කථා කරලා කියනවා, වජිර මාව 20 වැනිදා උදේට හමුවෙන්න කියලා. 

මම 20 වැනිදා උදේ සුචරිතයට ප්‍රේමදාස මහතා හමුවෙන්න යනවා. සාක්කිකරුවන් තවම ජීවතුන් අතර ඉන්න නිසා දැන්ම කියන එක හොඳයි. එදා ප්‍රේමදාස මහතාගේ ලේකම් කේ.පී.දයාරත්න. අද අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්.

මම උදේ 6.30ට යන විට දයාරත්න මහතාත් ඉන්නවා. මාව දැක්ක ගමන් ප්‍රේමදාස මහතා කොහොමද වජිර ඡන්දය ඇහුවා. මම කිව්වා හොඳට යනවා කියලා.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here