පූජිත් හා හේමසිරි යළි බන්ධනාගාරගත කෙරේ

0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර තීරණය කළ තිබෙනවා.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභ කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළා.

එම නිසා පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු  බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here