බංගලාදේශ පාසල් සිසුවිය පුළුස්සා මැරූ 16ට මරණ දඬුවම

0
Girl in a jacket

තම ගුරුවරයා ලිංගික හිරිහැර කළේ යයි පැමිණිලි කිරීමේ වරදට 19 හැවිරිදි පාසල් සිසුවියක් පුළුස්සා මරා දැමූ 16 දෙනෙක්ට බංගලාදේශ අධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

බංගලාදේශ අගනුවරට කි.මී 160ක් දුරින් පිහිටි ෆෙනී නම් ප්‍රදේශයේ 19  හැවිරිදි Nusrat Jahan Rafi මරා දැමුනේ පසුගිය අප්‍රේල් මාසයේදීයි. 

Nusrat ගේ මරණය සමග ඊට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා බංගලාදේශය පුරා උද්ඝෝෂණ සහ විරෝධතා රැල්ලක් පැන නැගුනා.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඇය තම ගුරුවරයා ලිංගික හිරිහැර කරන බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. එය ඉල්ලා අස් කර ගන්නැයි කිසියම් පිරිසක් ඇයට බල කර තිබෙනවා.

එය ප්‍රතික්ෂේප කිරීම නිසා සැකකරුවන් ඇයට ගිණි තබා ඇති අතර එය සිය දිවි නසා ගැනීමක් ලෙස පෙනෙන්නට සලස්වා තිබුණත් ඇයට තම ජීවිතය ගලවා ගන්නට හැකියාව ලැබුණා.

පසුව ඇය තම සොයුරා පටිගත කළ වීඩියෝ පටයක ඇය ගුරුවරයාගේ අපරාධය සම්බන්දයෙන් අවසානය දක්වා සටන් කරන බව පවසා තිබුණා.

කෙසේ වෙතත් දැඩි ලෙස පිලිස්සීම නිසා අනතුරින් දින 4කට පසු ඇය මිය ගියා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here