මුලතිවු ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමිගේ ආදාහන පැමිණිල්ල යළි විභාගයට

0

අපවත්වී වදාළ මුලතිවු නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගෙයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි  යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙසයි මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් අගෝස්තු 23 වැනිදා නියෝග කර තිබුණේ.

නමුත් නාහිමියන්ගේ දේහය අධිකරණ නියෝගයන්ට එපිටින් ගොස් මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ ආදාහනය කිරීමට දායක සභාව පියවර ගත්තා.
 එම නිසා ඊට විරුද්ධව කෝවිලේ පාලක සභාව වවුනියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට සිදුකළ පැමිණිල්ල ඊයේ (08) විභාගයට ගැණුණා.
ඒ  නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිලේ පාලක සභාව හා මුලතිව් පොලිස් නිළධාරීන් කැඳවමින්.

එහිදී  කෝවිලේ පාලක සභාව පැමිණිලි කළේ අධිකරණ නියෝගයට එපිටින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා සිංහල ජනතාව  කෝවිල සීමාවේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම නිහා  හා  පොලිසිය විසින් එහිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුකර දෙන ලෙසයි.
කෙසේ වෙතත් නයාරු ගුරුකන්ද විහාරාධිපති නාහිමියන්ගේ දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව දේහය අධිකරණ නියෝගයට එපිටින් ආදාහනය කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ විරෝධතා රැසක්ද පසුගිය සමයේ පැවැත්වුණා.

වවුනියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාල නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පැවසුවේ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here