මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් වෛරී ප්‍රකාශ කළ මධුමාධව අරවින්ද පිවිතුරු හෙළ උරුමයෙන් ඉවතට

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා ඡන්ද ප්‍රචාරක රැස්වීමක් පැවැත්විණ.

එහිදී  මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් වෛරී ප්‍රකාශ කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්දට චෝදනා එල්ල වීමත් සමග ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයක් ඊයේ (ඔක්තෝබර් 08) සමාජ මාධ්‍යවල මුදාහැර තිබුණු අතර එය දැඩි කතාබහකට ලක්වුණා.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ගෝඨාභය රාජපක්ෂගේ නීතිවේදි අලි සබ්රි විසින් එම ප්‍රකාශයට දැඩි විරෝධය පළකරනු ලැබීය. එසේම ඔහු ඒ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමට පණිවිඩයක්ද එක් කර තිබුණේ   “සියලු අන්තවාදීන් හා ජාතිවාදීන් පරාජය කළ යුතුය. විවිධත්වය ශක්තියක් කරගතයුතුය. මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය !” යනුවෙන්.

මධුමාධව අරවින්ද කළ මෙම ප්‍රකාශය ගැන පිවිතුරු හෙළ උරුමයද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. පක්ෂයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුව මාධ්‍යට දැනුම්දුන්නේ මධුමාධව අරවින්ද පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ බවයි. මධුමාධව අරවින්දගේ ඉල්ලා අස්වීමේ ලිපියද පිවිතුරු හෙළ උරුමය විසින් මාධ්‍යට නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here