වේලක් කන්න නැති මිනිසුන් ඉන්න රටේ නීති විරෝධි පෝස්ටර් ඉවත් කරන්න මිලියන 45.8ක්

0

මෙවර ජනාධිපතිවරණයට අදාළ නීති විරෝධි පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත් කිරීමට දිවයිනේ සියලු පොලිස් ස්ථාන සදහා කම්කරුවන් 1045 දෙනෙකු ආදේශ කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඊයේ (08) පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 ඒ සදහා රුපියල් මිලියන 45.8ක මුදලක් වෙන්කර ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම  හෙතෙම වැඩිදුරටත්ති සදහන්රෝ කළේ,නීති විරෝධී ආකාරයට පෝස්ටර් බැනර් ආදිය ප්‍රදර්ශනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
එපමණක් නොව පොලිතින් භාවිතය සැරසිලි සඳහා භාවිතා කිරීමට එරෙහිව ජනාධිපතිවරණ පනතේ තිබෙන ප්‍රතිපාදනවලට අමතරව ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරවත් අදාළ  නඩු පවරන බවත් හා ඒ පිළිබඳව සෑම පොලිස් ස්ථානයක් ම දැනුවත් කර තිබෙන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here