සිංහයන්ට විශිෂ්ඨ ජයක්

0

පාකිස්තානයට එරෙහිව වසර 6කට පසු විස්සයි විස්ස තරගයක්  සදහා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පිවිසුණේය. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ගඩාෆි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 165ක් රැස් කර ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 101කි.

ඒ අනුව තරගයෙන් ලකුණු 64ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

කෙසේ වෙතත් ඒ වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගෙන නොමැති  වීම විශේෂතවයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here