ඉන්දීය වෛද්‍යවරිය දූෂණය කර මරාදැමූ සැකකරුවන් වෙඩිතබා ඝාතනය කරයි

0
Girl in a jacket

ලොවම කම්පාවට පත්කළ සිදුවීමක් වූ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් සමූහ දූෂණයට ලක්කර පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් සිව්දෙනා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ සැකකරුවන් පළා යෑමට උත්සාහ දැරීමේදී පොලිසිය ඔවුන්ට වෙඩි තබා ඇති බවයි.

ප්‍රියංකා රෙඩ්ඩි නම් 26 හැවිරිදි මෙම පශු වෛද්‍යවරිය පසුගිය 27 වෙනිදා පැහැරගෙන ගොස් සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කර තිබුණේ ඇය සිය සේවා කටයුතු නිමකොට නිවෙස බලා යමින් සිටියදියි.

පසුව සිද්ධියට සම්බන්ධ ලොරි රථ රියැදුරන් සිවුදෙනකු ඉන්දීය පොලිසිය මඟින් සැක පිට අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් අපරාධය සිදුකළ ස්ථානයට අද (06) අලුයම රැගෙනවිත් ඇති අතර, පොලිසිය ඔවුන්ට නියෝග කර ඇත්තේ අපරාධ සිදුකළ ආකාරය පෙන්වන ලෙසයි.

ඒ අවස්ථාවේ ඔවුන් පොලිසියේ ග්‍රහණයෙන් මිදී පළායෑමට උත්සාහ දැරූ බවත්, ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන්ට වෙඩිතබා ඝාතනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here