කැලණි විහාර දායක සභාවට රනිල් වෙනුවට සමන්

0
Girl in a jacket

වසර 31ක පමණ කාලයක් එම ධුරය හෙබ වූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සැප්තැම්බර් පළමු වැනිදා දායක සභාවේ තීරණයකට අනුව ඉවත් කෙරුණු අතර මෙතෙක් කලක් එම තනතුර පුරප්පාඩුව පැවතිණි. නව සභාපති ධුරය සඳහා පත් කළ වෛද්‍ය සමන් වීරසිංහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද කටයුතු කර තිබේ. නව සභාපතිවරයකු පත්කර ගැනීම පිණිස පැවති රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමියන්,

‘‘වෛද්‍ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සාමාජිකත්වය දරන කෙනෙක්. එතුමාගේ පියාණන් එම්.එස්. වීරසිංහ අපේ දායක සභාවේ සාමාජිකත්වය දැරුවා. ඒ වගේම එතුමා කැලණිය රජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා කටයුතු කළා. ඒ වගේම කැලණිය විහාරස්ථානය පමණක් නොවේ. ලංකාවේ රජමහා විහාරස්ථාන ගණනාවකට එතුමාගේ දායකත්වය ලබා දෙනවා. එතුමා සමාජයට ලැදි කෙනෙක්. ඒ නිසා ඔහුට මෙම පත්වීම ලබාදුන්නා. ඒ වගේම දායක සභාවේ අනෙකුත් කිසිම තනතුරක් වෙනස් වුණේ නැහැ. ප්‍රශ්නය පැනනැගුණේ සභාපති ධුරය සඳහා. ඒකට අවශ්‍ය නව තනතුර අද නිර්මාණය කළා.

නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ

‘‘මම හිතනවා අපිට එකතු වෙලා විශාල වැඩ කොටසක් කැලණිය රජමහා විහාරය වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි කියලා. ඉදිරි කාලය ඇතුළත දායක සභාවේ අනික් නිලධාරීන් සමග එකතුවෙලා මෙම විහාරයට වටිනා දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සැලැස්මක් සකස් කරලා නායක හාමුදුරුවන්ට අලුත් අවුරුද්දේ මම ඉදිරිපත් කරනවා. ඒ සඳහා අනුමැතිය ලැබුණාට පස්සේ ඒ හා සම්බන්ධ වැඩකටයුතු කරනවා. මට මේ ලැබුණ ධුරය විශාල බරකින් යුක්ත කර්තව්‍යයක්. ඒ සඳහා මට හැමෝගේම උදව් ලැබෙයි කියලා මම හිතනවා’’ යැයි පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here