සුබ පතන්නට අත දිගුකළ දැරිය නුදුටු අබුඩාබි කුමරු, පසුව ඇය සොයා නිවෙසට යයි..!

0
Girl in a jacket

අබුඩාබි ක්‍රවුන් ප්‍රින්ස් උත්සවයේදී තමන්ට අත දෙනු නොදුටු එරට ඔටුන්න හිමි කුමරු, පසුව එම දැරියගේ නිවසට පැමිණ ඇයව හමුවී තිබෙනවා.

ඔටුන්න හිමි කුමරුගේ මෙම විශේෂ සංචාරයේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ජනයා මෙම ක්‍රියාව ගැන කුමරුට ප්‍රශංසා කරනු ලබනවා.

අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ට සුබ පැතීම සඳහා (The Crown Prince of Abu Dhabi – Mohammed bin Zayed Al Nahyan) අතට අතදීමට උත්සාහ කිරීම නිසා මෙම කුඩා දැරිය පශ්චත්තාප වන ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල වඩාත් පැතිර ගියා.

පසුව මේ බව දැනගත් අබුඩාබි ඔටුන්න හිමි කුමරු ඇයව මුණගැසීමට ඇගේ නිවෙස සොයා ගිය අතර, දහස් ගණන් ජනතාව එම ක්‍රියාවට ප්‍රශංසාව පුදකර තිබුණා.

සෞදි අරාබියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල් අසීස් කුමරු වෙනුවෙන් සූදානම් කළ නිල පිළිගැනීමේ උත්සවයකදී කුමරුට සුබ පතන්නට කුඩා දැරියක වන අයිෂා මොහොමඩ් මෂීත් අල් මස්රූයි අත දිගුකර තිබුණා.

කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ ඔටුන්න හිමි කුමරුට ඇය මඟහැරුණු අතර එම මොහොත කැමරාවට හසු විය.

(එහි වීඩියෝව පහතින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here