මුඛ පිළිකාවෙන් දිනකට තිදෙනකු මිය යනවා

0
Girl in a jacket

මුඛ පිළිකාවෙන් දිනකට පුද්ගලයන් තිදෙනකු පමණ ජීවිතක්ෂයට පත්වෙන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුඛ පිළිකා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර කිතලආරච්චි මහතා සඳහන් කරයි.

“ජාතික පිළිකා මර්දන වැඩසටහන යටතේ මුඛ පිළිකාව වැළැක්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය ඒකකයේ මුඛ පිළිකා පර්යේෂණ ආයතනය මඟින් දිවයින පුරා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව දැනට දිස්ත්‍රික් 09ක වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීම් වැඩසටහන් පවත්වා තිබෙනවා. එමෙන්ම පාසල් දරුවන් සහ වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා තිබෙනවා.  

මූලික අවධියේ පිළිකා හඳුනාගැනීමෙන් රෝගය පාලනය කළ හැකියි. බුලත් සැපීම, දුම්කොළ සැපීම, දුම්පානයෙන් අෑත්වීමෙන් මුඛ පිළිකා අවදානමෙන් මිදිය හැකියි යැයි වෛද්‍ය කිතලවආරච්චි මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here