දින කිහිපයකට පෙර උපත ලැබූ සිය දරුවා හුරතල් කිරීමට වරම් නොමැති වූ නව මවක් රෝහලේදී කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ.

29 හැවිරිදි ෆෝසියා හනීෆ්(Fozia Hanif) ජීවිතක්ෂයට පත් වූයේ බර්මින්හැම් හි හාර්ට්ලෑන්ඩ් රෝහලේදීය(Birmingham Heartlands Hospital).

ඇගේ ළදරු පුත් අයාන් හනීෆ් අලි(Ayaan Hanif Ali) අප්‍රේල් 2 වන දින සති 31 දී සිසේරියන් සැත්කමකින් උපත ලැබීය.

බර්මින්හැම් මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස සේවයේ සේවය කළ මෙම මව දරු උපතින් පසු සුවවීමේ වාට්ටුවකට ගෙන ගොස් ඇති නමුත් ඇගේ තත්වය නරක අතට හැරීමත් සමඟ දැඩි සත්කාර ඒකකයකට (ICU) ගෙන යන ලදී.

ඇය අප්‍රේල් 2 වන දිනට දින කිහිපයකට පෙර දරු ප්‍රසූතියක් කර තිබේ.මාතෘ පරීක්‍ෂණයකදී සුළු උණක් ඇති බව අනාවරණය වූ විට ඇය පරීක්ෂා කරනු ලැබීය. කොවිඩ්-19 ආසාධනය වී ඇති බවට එහිදී තහවුරු වී ඇත.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here