සම සහ හිසකෙස් නිරෝගී කර ගැනීම සඳහා වෙළෙඳපොළ තුළ තිබෙන විවිධ වූ නිෂ්පාදනයන් බොහෝ යුවතියන් විසින් භාවිත කරනු ලබනවා.

නමුත් එවැනි කෘත්‍රිම දෑ භාවිතයෙන් ඔබ බලාපොරොත්තු වන වෙනස අත් නොවෙනවා වන්නටද පුළුවන්. එනිසා අතුරු ආබාධවලින් තොරව ස්වාභාවිකවම ඔබව ලස්සන කරන තෙල් සත්කාරයන් කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද අපි සිතුවා.

නිවෙසේදීම සකසා ගත හැකි සම සහ හිසකෙස් පෝෂණය කරන ස්වාභාවික තෙල් වර්ග

කැරට් ඔයිල්

අවශ්‍ය දේවල්
– සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක්
– සාමාන්‍ය ප්‍රමාණයේ අමු කහ අල එකක්
– ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් මිලිලීටර් 100

සාදා ගන්නා ආකාරය
කැරට් අලය සහ අමු කහ අලය හොඳින් පිරිසුදු කොට කුඩාවට ගේ‍ර්ට් කර ගන්න. පිරිසුදු භාජනයක් ළිප තබා එයට ඔලිව් තෙල් හෝ පොල් තෙල් සහ ගේ්‍රට් කරගත් කැරට්, කහ ටික දමා සියල්ල ඩබල් බොයිල්  ආකාරයට විනාඩි 15ක් පමණ රත් කරගන්න. නිවෙන්නට හැර ළිපෙන් ඉවතට ගෙන පිරිසුදු වීදුරු බෝතලයකට තෙල් ටික පෙරා ගන්න. තෙල් ටික පෙරා ගන්නා විටදී හැන්දක් ආධාරයෙන් තද නොකළ යුතුයි.

පෙනේරයෙන් පෙරෙන ටික පමණක් ලබා ගන්න මතක තබා ගන්න. මෙසේ සාදා ගත් තෙල් එක සති කිහිපයක් වුවද කල් තබාගෙන භාවිතයට ගත හැකියි.

භාවිත කරන ආකාරය
සම හොඳින් පිරිසුදු කොට රාත්‍රි නින්දට යෑමට පෙර සිරුරෙහි ආලේප කොට උදෑසනට සෝදා ඉවත් කරන්න. මෙය දිනපතාම භාවිත කළ හැකියි. සමට රන්වන් පැහැයක් ලබාදෙන, සම පිරිසුදු කරමින් සමට පැහැදිලි වෙනසක් ලබාදෙන අතරම වියළි සමද ඉක්මනින් නිරෝගීමත් වේ.

ලෙමන් ඔයිල්

අවශ්‍ය දේවල්
– ලොකු ලෙමන් ගෙඩි 2ක්
– ඔලිව් තෙල් හෝ පොල් තෙල් මිලිලීටර් 100

සාදා ගන්නා ආකාරය
ලෙමන් ගෙඩි දෙකෙහි පොත්ත කොටස ගේ්‍රට් කොට වෙන්කර ගන්න. පිරිසුදු භාජනයක් ගෙන එයට ඔලිව් තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් එක්කොට ගේ‍ර්ට් කළ ලෙමන් පොතුද එක්කොට සියල්ලම ඩබල් බොයිල් ආකාරයට විනාඩි 15ක්  රත් කර ගන්න. ඉන්පසුව පිරිසුදු වීදුරු බෝතලයකට පෙරාගෙන ලෙමන් තෙල් ටික වෙන්කර ගන්න.

භාවිත කරන ආකාරය
සම හොඳින් පිරිසුදු කොට දිනපතා රාත්‍රි නින්දට යෑමට පෙර සම මත ආලේප කරන්න. උදෑසනට සෝදා ඉවත් කරන්න. Pimple කුරුලෑ Black Spot ලප කැළැල් සහිත අඳුරු වූ  සමට ඉතාම සුදුසුයි.

පපායා ඔයිල්

අවශ්‍ය දේවල්
– පොත්ත ඉවත් කර ගත් ගස්ලබු මදය 10ට
– ආමන්ඩ් ඔයිල් පිරිසුදු පොල් තෙල් හෝ
– ඔලිව් තෙල්වලින් එක් වර්ගයක්

සාදා ගන්නා ආකාරය
ගස්ලබු මදය හොඳින් පොඩි කරගන්න. පිරිසුදු වීදුරු බෝතලයක් ගෙන එයට ගස්ලබු මදය දමා එය හොඳින් ආවරණය වන ප්‍රමාණයට ඔබ කැමැති එක් තෙල් වර්ගයක් එක් කරන්න. වීදුරු බෝතලයේ මූඩිය හොඳින් වසා දින තුනක් පමණ තබන්න. 

දින තුනකට පසු ඉවතට ගෙන භාජනයක් ළිප තබා එයට සකසා ගත් ගස්ලබු මිශ්‍රණය දමා විනාඩි 5ක් පමණ හොඳින් පිස ගන්න. ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබා වීදුරු බෝතලයකට  පෙරා ගෙන තෙල් එක වෙන්කර ගන්න.

කාමර උෂ්ණත්වය යටතේ මාස 5/6 ක් පමණ කල් තබා ගත හැකියි.

භාවිත කරන ආකාරය
මෙය හිසකෙස් සහ මුළු සිරුරටම භාවිත කළ හැකියි. නිරෝගීමත් දිගු වරලසක් ලබාදෙන අතරම ගස්ලබුවල විටමින් සී අඩංගු වන නිසා Skin Whitening සඳහාද මෙම සත්කාර වඩාත් සුදුසුයි. දිනපතාම භාවිත කළ හැකියි. රාත්‍රි නින්දට යෑමට පෙර ආලේප කොට උදෑසනට සෝදා ඉවත් කරන්න.

– දිනූෂා මනෝරි නිශ්ශංක

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here