ලස්සන ගැන හිතන බොහෝ දෙනෙක් ලස්සන කිව්වම වැඩිම අවධානයක් යොමු කරන්නෙ මුහුණට. ඒ නිසාම මුහුණට වැඩි වැඩියෙන් සත්කාර කරන්න පෙළඹී ඉන්නවා. හැබැයි කාන්තාවකගේ සුන්දරත්වය ගැන කතා කරන කොට මුහුණට පමණක් අවධානය යොමු කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නෙ නෑ. විශේෂයෙන් ඇගේ දෙපාවල සුන්දරත්වය මුහුණ තරම්ම වැදගත්. ඕනෑම කෙනෙකුගේ ඇහැ ගැටෙන තැනක් වන දෙපා ඇගේ සුන්දරත්වය වගේම පිරිසිදු බවෙත් සංකේතයක්. 

ඒ නිසාම නිවසේ දී සුන්දරත්වය වෙනුවෙන් කරන සත්කාර අතරට දෙපාවලට කරන සත්කාරත් පුරුද්දක් කරගැනීම ඉතාම වැදගත්.

සරල පියවර කිහිපයක් ඔස්සේ නිවසේ දීම ෆෙඩිකියු එකක් කර ගන්න දැන් ඔබටත් පුළුවන්.

පහත වීඩියෝව නරඹා දෙපා හැකි සෑමවිටම නිවැරදිව ෆෙඩිකියු කර ගැනීම පුරුද්දක් කර ගන්න.

  1. විශබීජ නාශක හෝ බොඩිවොෂ් මිශ්‍ර කරගත් වතුර බේසමක ඔබේ දෙපා මිනිත්තු පහක් පෙඟෙන්න හරින්න 
  2. නියපොතු කපා හෝ නොමැතිව හොඳින් පිරිසිදු කර ගන්න
  3. පෙර භාවිත කරන ලද නිය ආලේපන ඉවත් කරගන්න
  4. ප්‍රවේශමෙන් කියුටිකල් ඉවත් කර ගන්න
  5. ඕනෑම බොඩි ස්ක්‍රබ් එකක් භාවිතා කර මිනිත්තු දහයත් පහළවත් අතර කාලයක් හොඳින් දෙපා ස්ක්‍රබ් කර ගන්න. (යටිපතුල් ද ඇතුළුව)
  6. ඉන්පසු සුදුසු මසාජ් ජෙල් වර්ගයක් භාවිතකර ඔබේ දෙපා හොඳින් මසාජ් කරගන්න.
  7. අවසානයට ඔබේ ප්‍රියතම නිය ආලේපනයක් ගල්වා වර්ණවත් කර ගන්න.
- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here