මොර සූරන වැස්සක් වෙලාවක පොතක් කියවන ගමන් දුම් දාන කෝපි කෝප්පයක් බොන්න අකමැති කෙනෙක් නැති තරම්. ඒ වගේ වෙලාවක උණුම උණු කෝපි කෝප්පයක් රස විඳින්න කවුද අකමැති. කෝපි ලෝකයේ හැම අස්සක මුල්ලකම ජනප්‍රිය විඩාව සන්සිඳුවන, හිත නිවන, මනස ප්‍රබෝධමත් කරන අපූරු පානයක්. ඒ වගේම කෝපි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දී ලස්සන වීමට භාවිත කරන බව බොහෝ අය නොදන්න කරුණක්.

කෝපි සමට හොඳද? 
මැරුණු සම ඉවත් කිරීමේ දී කෝපි විශිෂ්ට ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම රුධිර ප්‍රවාහය උත්තේජනය කිරීමට උපකාරී වන අතර එමඟින් කුරුලෑ සහ ස්ට්‍රෙච් මාර්ක්ස් ඉවත් කරනු ලබනවා. ඒ වගේම එහු පොහොසත් ප්‍රතිඔක්සිකාරක මගින් මිය ගිය සෛල, අපද්‍රව්‍ය ඉවත් කර සම වඩාත් සුමුදු හා දීප්තිමත් කරනවා. මේ සමේ ගැටලු බොහොමයකට විසඳුමක් ලෙස කෝපි වලින් ගෙදරදීම හදාගන්න පුළුවන් වට්ටෝරු කිහිපයක්.

1. දිලිසෙන සමක් සඳහා කෝපි ෆේස් පැක්
මෙම ෆේස්පැක් එක සඳහා යොදාගන්නා කිරිවල ඇති ලැක්ටික් අම්ලය සමඟ කැෆේන් මිශ්‍රවී ඔබේ සමේ අපද්‍රව්‍ය ඉවත් කර ඔබේ මුහුණට දීප්තියක් ලබා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය : කෝපි කුඩු – හැඳි 1 මුදවපු කිරි – හැඳි 1-1/2 
සකස් කර ගන්නා සහ මුහුණට යොදා ගන්නා ආකාරය
බඳුනක් ගෙන කෝපි කුඩු සහ මුදවපු කිරි හොඳින් මිශ්‍ර කරන්න. ඔබේ මුහුණ හොඳින්  පිරිසිදු කරගෙන මුහුණේ සහ  බෙල්ලේ මිශ්‍රණය හොඳින් ආලේප කරන්න. මිනිත්තු 10-15 ක් ඔබේ මුහුණ මත තබා ගැනීමෙන් පසු එය සීතල වතුරෙන් සෝදා හරින්න. මෙය සතියකට දෙවරක් කළ හැකියි.

2. සුදු පැහැති සමක් සඳහා කෝපි ෆේස් පැක්
කහ වල ඇති විටමින් සී සමේ අඳුරු බව ඉවත් කර අඳුරු ලප ඉවත් කරන අතර යෝගට් වල අඩංගු ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය කුරුලෑ අඩු කර සම පෝෂණය කරනවා.

අවශ්‍ය ද්‍රව්‍ය : කෝපි කුඩු – හැදි 1 කහ -මේස හැඳි 1 යෝගට් – මේස හැඳි 1 
සාදා ගන්නා සහ මුහුණට යොදා ගන්නා ආකාරය
කෝපි කුඩු, කහ සහ යෝගට් හොඳින් මිශ්‍ර කර ගන්න. හැකි නම් බීට් කරගන්න ඔබේ පිරිසිදු කළ මුහුණ සහ බෙල්ල මත එය යොදන්න.
විනාඩි 20 ක් පමණ වියළීමට හරින්න. සාමාන්‍ය ජලයෙන් සෝදන්න. මෙය සතියකට දෙවරක් කළ  හැකියි.

3. කුරුලෑ සඳහා කෝපි ෆේස් පැක්
මෙහි ප්‍රතිබැක්ටීරීය හා ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ අඩංගු වන අතර කුරුඳු දිව්‍ය ලෝකයෙන් මිනිසා වෙත එවනු ලැබූ ත්‍යාගයක් බව පැවසෙනවා. කුරුඳු කුරුලෑ අවදානම අවම කරනවා. පොල්තෙල් අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන අතර කෝපි මගින් කුරුලෑ ඇතිවීමට හේතුවන මිය ගිය සමේ සෛල ඉවත් කරනවා.

අවශ්‍ය ද්‍රව්‍ය: කෝපි කුඩු -හැදි 1 පොල්තෙල්-  හැදි1/2 කුරුඳු කුඩු – තේ හැඳි 1 / 4
සකස් කරගන්නා සහ මුහුණට යොදාගන්නා ආකාරය
කෝපි කුඩු, කුරුඳු කුඩු සහ පොල්තෙල් මිශ්‍ර කර සිනිඳු පේස්ට් එකක් සාදා ගන්න. ඔබේ පිරිසිදු කළ මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 20 කට පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. සම මෘදු කිරීම සඳහා මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න. මෙය සතියකට වරක් කළ හැකියි.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here