වයින් කියන්නේ ලෝකය පුරාම සුප්‍රසිද්ධ පානයක්. කාන්තාවන් පුරුෂයන් භේදයක් නැතිව බොහෝ දෙනෙක් පානය කරන නිසාම වයින් වලට තියෙන්නේ ඉතා විශාල ඉල්ලුමක්. විශේෂයෙන්ම උත්සව සමයේදී වයින් ඉල්ලුම තවත් ඉහළ යනවා. ඒ අතරින් රතු වයින් (Red Wine) කියන්නේ ගොඩක් දෙනෙක්ගේ පළමු කැමැත්ත.

ඒ නිසාම උත්සව සමයේදී සාදයකට අපූරුවට ගැලපෙන ලංකාවේදී මිළට ගන්න පුළුවන් Red Wine වර්ග කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

McGuigan Black Label

ඉතා මිහිරි සහ හොඳ ගුණත්වයෙන් යුත් රතු වයින් වර්ගයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඇල්කොහොල් ප්‍රතිශතය 17.5% ක්. නිෂ්පාදනය කරන්නේ දකුණු දිග ඕස්ට්‍රේලියාවේ වතුවල හැදෙන ගුණත්වයෙන් ඉහළ රතු මිදි භාවිතයෙන්. ඒ නිසාම මෙහි අපූරු පළතුරු රසින් අනූනයි. ලංකාවේදී රු.2500 සිට මුදලකට මිළට ගන්න පුළුවන්.

Los Cardos Malbec           

ආර්ජන්ටිනාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වඩා උස කඳු මුදුන්වල වැවෙන රතු මිදි භාවිතයෙන් සකස් කරන ඉතා ප්‍රසිද්ධ රතු වයින් වර්ගයක්වන මෙය Dona Paula වයින් නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක්. සාමාන්‍යෙයන් ඇල්කොහොල් ප්‍රතිශතය 13.5% ක පමණ අගයක් ගන්නා මෙහි ඉතා හොඳ රසවත් සහ දිවට අපූරු වෙනසක් දැනෙන වයින් වර්ගයක් ලෙස හැඳින්වූවාට වරදක් නෑ. ලංකාවේදී මෙයි රු.2200 සිට මිළට ගැනීමට හැකියාව තියනවා.

Blue Nun Merlot

ප්‍රංශය කියන්නේ ලෝකයට ඉතා ඉහළ වර්ගයේ වයින් නිෂ්පාදනය කරන රටක්. මේ රතු වයින් වර්ගය නිපදවෙන්නේත් ප්‍රංශයේ. උසස්ම වර්ගයේ මිදි වර්ග භාවිතයෙන් ඉතා සුවිශේෂී ක්‍රමව්දයකට සකස් කරන වයින් වර්ගයක් නිසා ගුණත්වය ගැනනම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඇල්කොහොල් ප්‍රතිශතය 13% වැනි අගයක් ගන්නා මෙය ඕනෑම කෙනෙක්ට පිළිගන්වන්න වගේම ඕනෑම කෙනෙක් ඉතා ඉක්මණින් කැමතිවෙන වයින් වර්ගයක්. මෙය රු.3000 සිට මිළට ගන්න පුළුවන්.

Beldi Vino Rosso

මෙය ලීටර් 5ක විතර විශාල රතු වයින් බෝතලයකින් එන වයින් වර්ගයක් නිසා ටිකක් වැඩි දෙනෙක්ට පිළිගන්වන්න පුළුවන්. ඉතාලියේ නිෂ්පාදිත මේ වයින් වර්ගය වැඩි මිදි ප්‍රමාණයක් භාවිතා කිරීම නිසා සහ බොහොම සාම්ප්‍රදායික අත්යන්ත්‍ර භාවිතයෙන් නිෂ්පාදනය කරන නිසා ඉතා උසස් ගුණත්වයෙන් යුත් වයින් වර්ගයක්. සාමාන්‍යයෙන් ඇල්කොහොල් ප්‍රතිශතය 11% පමණ අඩු අගයක් ගන්නා නිසා ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහිත රතු වයින් වර්ගයක්. රු.7000 සිට මිළට ගන්න පුළුවන්.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here