සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතේ ලස්සන අවස්ථා සමරන්න ගොඩක් වෙලාවට ගෙදරින් එළියට යන්න දැන් දැන් කැමතියි. ලස්සන තැනක, කටට රහ කෑම බීම එක්ක සැමරීමක් කරන්න ලැබෙන එක ජීවිතේ පුරාම මතක හිටින දෙයක් වේවි.

විශේෂයෙන්ම ආදරවන්තයින් කැමතියි උපන්දින, anniversary ඒත් නැත්නම් විශේෂ ජයග්‍රහණයක් සමරන්න ලස්සන Romantic Candle Light Dinner එකක අත්දැකීම විඳින්න බොහොම කැමතියි. රාත්‍රී කාලයේ සුන්දර වෙරළක, නැත්නම් ලස්සන ගාර්ඩන් එකක ඉටිපන්දම් එළියෙන් ආලෝකමත්වුණු රෑ කෑම වේලක් කියන්නේ මතක් වුණත් ආස හිතෙන දෙයක්.

ඉතින් මේ විදිහට ඔබ කව්රුහරි සතුටු කරන්න Romantic Candle Light Dinner එකක් සූදානම් කරනවනම් ඔබ දැනගන්න ඕන මොනවද කියලා තමයි අපි කියන්න යන්නේ.

තැනක් සහ වේලාවක්

කලින් කිව්වා වගේම Romantic Candle Light Dinner එකකට වඩාත්ම ගැලපෙන්නේ එක්කෝ Beach එකක්, නැත්නම් ලස්සන ගාර්ඩන් එකක්. ඒත් නැත්නම් ඔබට ලස්සන කඳු මුදුනක පිහිටපු තැනක, හොඳට ඉඩකඩ තියන බැල්කනි එකක හෝ rooftop එකක වුනත් සූදානම් කරගන්න පුළුවන්. ලංකාවේ මේ විදිහට Candle Light Dinner එකක් ඔබට සූදානම් කරලා දෙන හෝටල් ඕන තරම් තියනවා. අවශ්‍ය නම් ඒ වගේ තැනකට කතා කරලා අවශ්‍ය දේවල් කියලා ඇණවුම් කරන්න පුළුවන්. ඉර බැහැගෙන යන හැන්ඳෑ වෙලාවක් නැත්නම් රාත්‍රී කාලය තමයි මේකට වඩාත්ම සුදුසු. ඒත් ගොඩක් රෑ වෙලානම් තේරුමක් නෑ.

අවශ්‍ය දේවල්

මේ කියන විදිහේ Romantic Candle Light Dinner එකක් බොහෝ වෙලාවකට ගැලපෙන්නේ යුවලකට තමයි. ඒ නිසා දෙන්නෙක්ට ප්‍රමාණවත් විදිහට මේසයක් සහ පහසුවෙන් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් පුටු දෙකක්. රාත්‍රී ආහාරයට සාමාන්‍යයෙන් දෙන්නා කැමති දෙයක් වඩාත් සුදුසුයි.

ඒ වගේම වයින් එකක් නැත්නම් බියර් එකක් වගේ දෙයක් වඩාත් ගැලපෙනවා දෙන්නා ඒ මොහොත සමරන්න කැමති විදිහ අනුව. නැත්නම් රාත්‍රී ආහාර එක්ක ගැලපෙන ජූස් එකක් එක්ක අතුරු පස ඇණවුම් කරන්න පුළුවන්. මේසය සරසන්න ස්වාභාවික මල් එක්ක රතුපාටට හුරු දේවල් භාවිතා කළොත් ඉටිපන්දම් එළිය එක්ක බොහොම ලස්සනට පේනවා.

හිත නිදහස් වෙලාවක්

මේ වගේ Romantic Candle Light Dinner එකක් කියන්නේ ඕනම කෙනෙක්ගේ හිත බොහොම ආදරණීයව මෘදුවෙන මොහොතක්. ඒ නිසා කෙනෙක්ට ආදරය ප්‍රකාශ කරන්න, විවාහ යෝජනාවක් කරන්න වුනත් බොහොම අපූරු අවස්ථාවක් තමයි මේක.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here