සාමාන්‍යයෙන් අපේ රටේ මගතොටදි, වැඩකරන තැනදි, පොදු ප්‍රවාහන සේවාවලදි විතරක් නෙවෙයි, තමන්ගෙම ගෙදරදි පවා කාන්තාවන්ට අනේකවිධ අතවරයන්ට, තාඩන පීඩනයන්ට මුහුණදෙන්න වෙනවා.

මේ බොහොමයක් තැන්වලදි කාන්තාවන් අසරණව මේ අතරවයන් ඉවසගෙන ඉන්නවා මිසක් ඒවාට එරෙහිව හඬනගන්නේ සහ ක්‍රියාකරන්නේ බොහොම අඩුවෙන්. ඒත් සාමාන්‍යයෙන් අපේ රටේ තවත් කාන්තාවන් පිරිසක් තමන්ට අතවර කරන්න කවුරුහරි එනවනම් එයින් ආරක්ෂා වෙන්නවත් කටයුතු කරන්න බයවෙන්නේ නෑ.

අන්න ඒ විදිහට තමන්ගේ ආරක්ෂාව ගැන හිතන කාන්තාවන් බොහෝ දෙනෙක් ආරක්ෂාව වෙනුවෙන් ලඟ තියාගෙන පාවිච්චි කරන්නේ එක්කෝ කුඩයක්, නැත්නම් ඉතින් සෙරප්පුව තමයි. කුඩ පාරක් දීලා, සෙරෙප්පු පාරක් දීලා හැමවිටම තමන්ට කරදරයක් කරන්න එන කෙනෙක්ව මෙල්ල කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි.

අන්න ඒ නිසාම තමයි ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් මේ Pepper Spray එක තමන්ගේ අත් බෑගයේ හෝ සාක්කුවේ නිතරම තියාගන්නේ. Pepper Spray එක කියන්නේ ගම්මිරිස් මිශ්‍ර ද්‍රාවණයක් අන්තර්ගතවෙන පුංචි ස්ප්‍රේ කෑන් එකක්.

කවුරුහරි තමන්ට අතවරයක් හෝ කරදරයක් කරන්න එනවනම් ටක්ගාලා බෑග් එකෙන් නැත්නම් සාක්කුවෙන් Pepper Spray එක අරගෙන අදාල කෙනාගේ මූණට ස්ප්‍රේ කරපු ගමන් ඉතින් වෙන දේ ඔබට කියන්න ඕන නෑනේ අමුතුවෙන්.

ජීවිතේ එක පාරක් හරි ගම්මිරිස් කුඩු ඔබේ ඇස්වල තැවරිලා තියනවනම් ඒක කොච්චර අමාරුයිද කියලා ඔබ දන්නවා ඇති. හැබැයි මිරිස් කුඩු වගේ ඇසට හෝ මුහුණට හානි නොවන නිසා Pepper Spray එක හෝ රටවල කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිපදවනවා.

ඇත්තටම මේ Pepper Spray එක භාවිතා කරන්නේ මගතොට ඉන්න පිරිමින්ගෙන් හෝ හොර හතුරන්ගෙන් වෙන කරදරවලට විතරක්ම නෙවෙයි, සත්තුන්ගෙන් වුණත් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහට මේවා සකස් කරලා තියනවා. උදාහරණයක් විදිහට ඔබේ පස්සෙන් බල්ලෙක් හපාකන්න එනවනම් Pepper Spray එකෙන් එක සාත්තුවක් දුන්න ගමන් ඔබට බේරිලා යන්න හොඳටම අවස්ථාව තියනවා.

මෑත කාලීනව නිෂ්පාදනය වෙන ගොඩක් Pepper Spray කුඩා හැඩයන්ගෙන් වගේම, කාන්තාවන් පාවිච්චි කරන Lipsticks, සෙන්ට් කුප්පි, ඩියොඩ්‍රන්ට් කුප්පි වැනි හැඩවලින් නිෂ්පාදනය කරන නිසා ඒවා අතේ තිබ්බා කියලා කාටවත් මේ Pepper Spray එකක් කියලා සැක හිතෙන්නේ නෑ.

අනිත් එක දැන් දැන් මේ Pepper Spray වලින් ස්ප්‍රේ කරන්න පුළුවන් දුර ප්‍රමාණයත් ටික ටික වැඩි කරලා තියන නිසා තමන්ට කරදර කරන්න එන කෙනක් තමන්ගේ ඇඟට අතක් තියන්න කලින්ම Pepper Spray ප්‍රහාරයකින් සතුරාව අඩපණ කරලා දාන්න පුළුවන්.

මේ Pepper Spray පාරක් ඇස්වලට වැදුනම බොහෝ වේලාවක් යනකල් සාමාන්‍ය විදිහට ඇස් පෙනීම ඇතිවෙන්නේ නැති නිසාත්, ඇතිවෙන දැවිල්ල එක්කම එන වේදනාවට උන් හිටිතැන් අමතක වෙන නිසාත් ලෝකයේ බොහෝ රටවල කාන්තාවන්ට අතවර කරන්න සූදානමින් ඉන්න පිරිමි මේවාට සෑහෙන්න බයයි කියලා තමයි Pepper Spray නිෂ්පාදකයෝ නම් කියන්නේ.

කොහොම වුනත් තාම ලංකාවේ මේක එච්චර ප්‍රචලිත නෑ. ඒ වගේම ලංකාවේ නීතිමය තත්වය එහෙමත් මේ සම්බන්ධයෙන් අපහැදැලියි. කොහොමවුනත් තමන්ට කරදර කරන්න එන කෙනෙක්ගෙන් ආත්මාරක්ෂාව සපයාගන්න දෙයක් නොකර ඉන්න නම් එපා. ඒකට Pepper Spray වගේ දෙයක් හොඳ ආයුදයක්.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here