ඕනම කොල්ලෙක් කැමතියි දවස පුරා පහසුවෙන් ගතකරන්න. විශේෂයෙන්ම එක්කෝ ගොඩක් රස්නේ දවස්වලට, නැත්නම් වැඩිපුර සීතල දවස්වලට. කොහොමවුනත් ඔබ අඳින ජොකා, නැත්නම් Underwear එක අනුව ඔබේ දවසේ සැප කොච්චරද කියන එක තීරණය වෙනවා සහතිකයි.

මොකද ඔබ කොයිතරම් සුවදායී වැඩ කළත් වැඩක් නෑ ඔබේ ජොකා ඔබට සැපක් දෙන්නේ නැත්නම්. ඒ කියන්නේ ඔබ අඳින යට ඇඳුම ඔබේ සිරුරට පහසු සහ සහනදායී එකක් නොවුනොත් දවස විතරක් නෙවෙයි ඔබේ අනාගතේ ඇතුළු බොහෝ දේ ඉවරෙටම ඉවරයි.

කොල්ලන්ගේ Underwear අතරින් Briefs ජොකා කියන්නේ කොල්ලෝ අතරේ වයස් භේදයක් නැතිව බොහෙම ප්‍රසිද්ධ එකක්. ඒකට හේතුව තමයි මේ Briefs ජොක්කු බොහොම දිගු කාලයක් තිස්සේ ලෝකය පුරාම නිෂ්පාදනය වෙලා අලෙවිවන නිසා.

අනිත් එක මේක අඳින්න පහසුයි වගේම දවස පුරා යටිකයට අපහසුවක් නැති යට ඇඳුමක් විදිහට ගොඩක් දෙනෙක් පිළිගන්න නිසා. විශේෂයෙන්ම මේ Briefs මාදිලියේ ජොක්කු ඇන්ඳම පාදයේ ඉකිලි තදවීම සහ ඉකිලි වලට දහදිය දැමීම ඉතාම අඩුයි. මේ නිසාම බොහෝ දෙනෙක් මේ වර්ගයේ ජොක්කුන්ට කැමැත්තක් දක්වනවා.

සාමාන්‍යෙයන් ත්‍රිකෝණ හැඩයේ ජොක්කු කියන්නේ යට ඇඳුම් අතරේ බොහොම පොදු හැඩයක්. මේ Briefs ජොකාත් ඒ හැඩයෙන් යුක්තයි. දිග කලිසම්, කොට කලිසම්, සරම්, ක්‍රීඩා ඇඳුම් මේ ඕනම එකක් එක්ක Briefs යට ඇඳුම අඳින්න පුළුවන් වගේම ඉතාම පහසුවක් දැනෙන විදිහට එය සකස් කරලා තියනවා.

පිරිමි යට ඇඳුම් වර්ග අතරින් ලෝකයේ වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ මේ Briefs වර්ගයේ යට ඇඳුම් තමයි. ලොව පුරා විවිධ සන්නාම විශාල ගණනකින් වෙළඳ පොළට එන මේ ජොක්කු හැබෑවටම දවස පුරාම සැප ගේනවා කියන එක කට කහනවට කියන කතාවක් නෙවෙයි.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here