ශ්‍රී ලංකාවේ ප්‍රකට නිරූපණ ශිල්පිණියක් ලෙසින් කටයුතු කරමින් සිට අද වනවිට ඉන්දියානු සිනමාවේ සුප්‍රකට තරුවක් බවට පත්ව ඇති ජැක්ලින් ෆ්‍රඩිනැන්ඩ්ස් පසුගියදා ඉන්දියාවෙන් පිටත්විය නොහැකිවන ලෙස අධිකරණ නියෝග ලැබීම ලොව පුරා මාධ්‍ය වාර්තා කර තිබිණි.

එයට හේතුව වශයෙන් සඳහන් වූයේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණයකදී ජැක්ලීන්ගේ නමද  එහි වගඋත්තරකරුවන් අතර තිබීම නිසා ඇයට අදාල නඩු කටයුත්ත අවසන්වනතුරු ඉන්දියාවෙන් පිටවීම තහනම් කිරීමට එරට අධිකරණය කටයුතු කිරීමය.

සිද්ධියට හේතුව වී ඇත්තේ ජැක්ලීන් ට සහ නෝරා පටේහි නැමති කැනඩාවේ නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කර දැනට ඉන්දියානු සිනමාවට සම්බන්ධවී ඇති නිළියට සුකේෂ් චන්ද්‍රසේකර් නැමති පුද්ගලයා විසින් ඉතා වටිනා දෑ තෑගි ලෙසින් ලබාදීමය.

මෙකී සුකේෂ් නැමති පුද්ගලයා සැලකෙන්නේ ඉන්දියානු ධනවතුන් විවිධ හේතු මත බියට පත්කරමින් මුදල් ගන්නා ප්‍රකාට දාමරිකයෙක් ලෙසට ය. ඔහු ‘බාලාජි‘ ලෙස හැදින්වෙන අතර බැංග්ලෝරයේ උපන් අයෙකි. අවස්ථා ගණනාවකදීම ඔහු ජැක්ලීන් හට රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු තෑගි ලබාදී ඇති අතර, එම තෑගි අතර ඉතා වටිනා අශ්වයෙක්, මෝටර් රථයක් සහ පර්සියානු වර්ගයේ පූසෙක්ද වන බව සැලවේ.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියානු බලධාරීන් අදාල වත්කම් රඳවා තබාගෙන සිටිමින් තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටිති. මුදල් විශුද්ධිකරණ පනත අනුව ක්‍රියාත්මකවෙමින් කටයුතු කරන අතර එයින් ජැක්ලින්ට අගතියක් සිදුවේ දෝ යන සැකය දැන් දැන් වර්ධනය වෙමින් තිබේ.

මෙලෙසින් තෑගි දුන් වත්කම් උපයාගත් ආකාරය සඳහන් නොවීම සහ එකී ආදායම් මාර්ගයන් පිළිබඳ නිසි තොරතුරු නොතිබීම සුකේෂ් ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හේතුව වී ඇත. එසේම අදාල තෑග ජැක්ලින් වෙත ලබාදී ඇත්තේ කුමන පදනමකින්ද යන්න බලධාරීන් ප්‍රශ්න කරමින් සිටිති.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here