ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය සහ රේණුකා බාලසූරිය විසින් නිෂ්පාදනය කරන ලද ‘ජංගි හොරා’ (Underpants Thief) සිංහල චිත්‍රපටය මේ දිනවල රටපුරා තිරගත වේ.

පුබුදු චතුරංග සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත හොබවන මෙම චිත්‍රපටය සඳහා චින්තක කුලතුංග සහ බුද්ධි රන්දෙණිය ඇතුළු ප්‍රකට නළු නිලියන් ගණනාවක් රංගනයෙන් එක්වෙති. දෙසැම්බර් 23 වැනිදා සිට තිරගත වන මෙම චිත්‍රපටය ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ තිරගතවීම සිදුවේ.

බුසාන් අන්තර්ජාතික සිනමා උළෙල, ආසියානු චිත්‍රපට උළෙල, ඔස්කා ආසියානු චිත්‍රපට උළෙල ඇතුළු සිනමා උළෙල ගණනාවකම ප්‍රදර්ශනය කරන ලද මෙම චිත්‍රපටය සඳහා 5වැනි දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී විදේශ චිත්‍රපට සඳහා පිරිනැමෙන විශේෂ ඇගයීම් හිමිව තිබේ.

One Galle face PVR Cinema, කොළඹ රීගල්, සැවෝයි වැල්ලවත්ත, නිකාඩෝ කඩවත, සිනෙමැක්ස් ජා-ඇල, සැවෝයි මෙට්‍රෝ මහරගම, ජෝති රත්නපුර, රීගල් සිනමා අම්බලන්ගොඩ, සිනෙක්පෝ කුරුණෑගල සහ විල්මැක්ස් අනුරාධපුර ඇතුළු සිනමාහල් ගණනාවකම මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබයි.

චිත්‍රපටයේ Trailer එක

https://youtu.be/SCZUWAMPTVg

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here