මොංගෝලියානුවන් බොහෝ වෙලාවට මස් වර්ග වැඩිපුර ආහාරයට ගන්නේ Beef වුණත්, ඔවුන් බොහොම රසට හදන Chicken Curry එක ඔවුන්ටම ආවේණික එකක්. රස වගේම ගුණ නිසාත් ශරීරයට අහිතකර රසකාරක භාවිතා නොකරන නිසාත් ගෙදරදීම හදාගෙන රසවිඳින්න පුළුවන් Mongolian Chicken එකක් හදාගන්න විදිහ අද අපි බලමු.

මුලින්ම මෙන්න මේ දේවල් තමයි මේකට අවශ්‍ය කරන්නේ.

කටු රහිත චිකන් 500g
Corn Flour 50g
බිත්තර 1යි
ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක්
ලුණු මේස හැන්ඳක්
පොල්තෙල්
සුදු ළූණු බික් හතරක්
ඉඟුරු කැබැල්ලක්
සෝයා සෝස් කුඩා කප් එකක්
සීනි මේස හැඳි කාලක්
වතුර කෝප්ප භාගයක්
බෙල් පෙපර් ගෙඩි දෙකක් (සාමාන්‍ය ප්‍රමාණයේ)

මුලින්ම කටු රහිත චිකන් ටික හොඳින් සෝදලා භාජනයකට දාගන්න. ඒකට කෝර්න් පිටි ටික දාලා ඒකටම බිත්තර සාරු දාගන්න. දැන් මේකට ලුණු  මේස හැඳි භාගයක් සහ ගම්මිරිස් කුඩු දාගෙන හොඳින් මිශ්‍රකරගන්න. දැන් මේ විදිහට සකස් කරගත්ත චිකන් කැබලි ගැඹුරු තෙලේ වැඩි ගින්දරින් බැදගන්න. රස වැඩිවෙන්න චිකන් කැබලි රන්වන් පැහැය වනතෙක් බැදගන්න.

දැන් වෙන සාස්පානකට තෙල් ස්වල්පයක් දාලා එයට කපාගත්ත ඉඟුරු සහ සුදු ළූණු දාලා තෙම්පරාදුව සකස් කරගන්න. එයට සෝයා සෝස්, සීනි, ලුණු හැඳි භාගයක් සහ ගම්මිරිස් ස්වල්යක් දාලා බැදගන්න. හොඳටම බැදීගෙන එද්දි ඒකට වතුර කෝප්ප භාගය එකතුකරන්න. වතුර නටාගෙන එද්දි කපාගත් බෙල් පෙපර් ඒකට දාගන්න.

බෙල් පෙපර් ටික තැම්බීගෙන එද්දි ඒකට කෝර්න් පිටි ස්වල්පයක් දාන්න, ඊට පස්සේ බැදගත්ත චිකල් කෑලි එයට එකතු කරලා හොඳින් මිශ්‍රකරගන්න. මිනිත්තු 3ක් විතර මද රස්නයෙන් පිසගනිද්දි ඔබට මේ රස චිකන් එකේ සුවඳ දැනෙන්න පටන්ගනීවි. සුවඳටත් වඩා රස සහ ගුණ වැඩියි කියලා අමතක කරන්න එපා.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here