Sex කියන්නේ විවාහ ජීවිතයක බොහොම සොඳුරුතම අංගයක්. ඒ නිසාම විවාහ ජීවිතය එක පැත්තකින් රසවත් වෙනවා වගේම දෙන්නා අතරේ බැඳීම තව තව ශක්තිමත් වෙනවා. ඒත් විවාහයකින් කාලෙකට පස්සේ දෙන්නා දෙමහල්ලෝ ලිංගිකව එක්වීම සෑහෙන්න අඩුවෙලා නම් අන්න එතන ගැටළුවක් තියනවා.

ඉතින් මේ විදිහට විවාහ ජීවිතයක් ඇතුලේ ලිංගික එක්වීම් සෑහෙන්න අඩුවීම හෝ නැතිවෙලාම යන්න හේතුවෙන කාරණා මොනවද කියලා හොයලා බලන්න පර්යේෂණ ආයතනයක් කටයුතු කළා. එහිදී විවාහක යුවළ 1,099ක් එක්ක සිදුකල සාකච්ඡාවලින් බොහොම වැදගත් හේතු ගණනාවක් හොයාගන්න පුළුවන් වුණා.

මේ විදිහට සහභාගීවූ අය අතරින් 39% ආසන්න පිරිසක් කිව්වේ විවාහ ජීවිතය ගෙවිලා යද්දි ‘ලිංගිකව එක්වෙන්න ඇති කැමැත්ත සහ උනන්දුව අඩුවෙලා යාම’ මේ විදිහට ලිංකිව එක්වීම් අඩුවෙන්න ප්‍රධානතම හේතුව තමයි කියලා.

ඒ වගේම දෙවැනි ස්ථානයට වැඩිම පිරිසක්, ඒ කියන්නේ 31% වැනි පිරිසක් හේතුව විදිහට කියලා තිබුණේ ලිංගිකව එක්වීම් වෙනුවෙන් කාලය හෝ ඉඩකඩ කැපකරන්නට අපහසුවීම කියලා. ඒකට ඔවුන් හේතු විදිහට දක්වලා තිබුණේ පුද්ගලික සහ වෘත්තීමය රාජකාරී වලින් කාර්යබහුලවීම නිසා ලිංගිකව එක්වීම සෑහෙන්න දුරට කඩාවැටිලා කියන එකයි.

තවත් 30% කට ආසන්න පිරිසක් හේතුව විදිහට දක්වලා තිබුණේ ‘ඉතා දිගු කාලයක් රැකියාවේ නිරත වීම’ කියලා. මේ විදිහට රැකියාවේ පැය 10-12ක් විතර කාලයක් මහන්සිවෙලා ගෙදර ගියාට පස්සේ ලිංගිකව එක්වෙන්න තියා කෙලින් හිටගෙන ඉන්න තරම්වත් පණ නැති තරමට වෙහෙසකර වාතාවරණයකදි ලිංගික එක්වීම් ටිකෙන් ටික ජීවිතෙන් ඈත්වෙලා කියලා

ඒ වගේම 29% ක පිරිසක් තමන්ගේ විවාහ ජීවිතය ඇතුලේ ලිංගිකව ඒකවීම් සෑහෙන්න අඩුවෙන්න හේතුව විදිහට සඳහන් කරලා තිබුණේ ‘Bad Sex’ හෙවත් නරක විදිහේ ලිංගික එක්වීම්  තමයි. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට තෘප්තිමත් නොවීම, විවිධ තාඩන පීඩනයන්ට ලක්වෙන්න සිදුවීම වගේ දේවල් නිසා ඇතිවුණු අප්‍රසන්න ලිංගික එක්වීම් හේතුවෙන් ලිංගිකව එක්වීම් එපාවෙලා කියලා ඔවුන් කියලා තිබුණා.

මේ ප්‍රතිඵල සටහන අනුව 24% දෙනෙක් තමන්ට ජීවිතයේ මුහුණදෙන්න වුණු ලිංගික අතවර සහ දූෂණය කිරීම් නිසා ලිංගිකව එක්වීම් එපාවීම සඳහන් කරලා තිබෙනවා. ඒ වගෙම ප්‍රමාණයක් තමන්ගේ සහකරු හෝ සහකාරියගේ විවිධ විෂමාචාර නිසා, ඒ කියන්නේ වෙනත් ලිංගික සබඳතා හරි වෙනත් විශ්වාසය කඩවෙන සිදුවීම් නිසා ලිංගික ජීවිතය බිඳ වැටිලා කියලා.

දරුවන් කටයුතු නිසා ලිංගික එක්වීම් මගහැරෙන යුවල ප්‍රමාණයත් ඉතා විශාල අගයක් ගන්නවා. ඒ වගේම නිවසේ තත්වය, පවුලේ අනෙක් අයගේ බලපෑම්, විවිධ රෝගී තත්වයන් වගේ හේතු නිසා විවාහ ජීවිතය ඇතුලේ ලිංගික එක්වීම් අඩුවෙනවා කියලා හේතු දක්වපු ප්‍රමාණයක් සැලකිය යුතුයි.

කොහොම වුනත් මේ පර්යේෂණයේ ප්‍රතිඵල විවාහක ඔබට වගේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඉතාම වැදගත්. මොකද විවාහයක රසමුසුබව වගේම පැවැත්ම තීරණය වෙන්න ලිංගික එක්වීම් සහ එහි තෘප්තිමත්භාවය විශාලා බලපෑමක් කරන නිසා විවාහය ඇතුලේ ලිංගික එක්වීම් කඩාකප්පල් නොකරගෙන සතුටින් ජීවත්වෙන්න නම් මේ තොරතුරු ඔබට සෑහෙන්න වැදගත් වේවි.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here