ඔබ හොඳින්ම න්නවා ඇති HIV/AIDS කියන්නේ මාරාන්තික රෝගයක්. ලංකාවේ පවා HIV ආසාදිතයන් සහ එම රෝගය නිසා සිදුවුණු මරණ වාර්තා වෙන නිසා ලංකාවේ අපිත් මේ රෝගයෙන් ආරක්ෂාවෙන්න පියවර ගන්න ඕන කියන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

HIV කියන්නේ ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයක්. ඒ කියන්නේ දෙන්නෙක්ගේ ලිංගික එක්වීමකින් මේ රෝගය එක්කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්. ඒත් ඉතින් ගොඩක් මිත්‍යා මතවල තියනවා වගේ මදුරුවන්ගෙන් වත්, ආසාදිතයෙක්ගේ ලඟින් වාඩිවෙලා හිටියට, ඒ ආසාදිතයා පාවිච්චි කරපු ඇඳුම්, භාජන පාවිච්චි කලා කියලා මේ රෝගය තව කෙනෙක්ට වැළඳෙන්නේ නෑ.

ඒත් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි සමරිසි ඇසුරක් (Homosexual Relationship) නිසා එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට HIV බෝවෙන්න පුළුවන් ද කියන එක. මේක ටිකක් කතාකරන්න ඕන මාතෘකාවක්.

සමරිසි ඇසුර පිරිමියෙක් පිරිමියෙක් සමග පවත්වන ඇසුරක් සහ කාන්තාවක් කාන්තාවක් එක්ක පවත්වන ඇසුරක් කියලා අපිට ආකාර දෙකකින් අඳුනගන්න පුළුවන්. හැබැයි මේ ඇසුර ලිංගික එක්වීමක් දක්වා ඉදිරියට යද්දි HIV/AIDS කියන අවදානම ඔවුන්ටත් බලපානවා.

කාන්තාවන් කාන්තාවන් එක්ක පවත්වන ලිංගික ඇසුරක්, ඒ කියන්නේ Lesbians ලා අතරේ තියන ලිංගික ඇසුරකදි අභ්‍යන්තර ලිංගික එක්වීමක් සිදුවෙන්නේ නැති නිසා HIV ආසාදනය වෙන්න තියන හැකියාව ඉතාම අඩුයි. මොකද කාන්තාවන් දෙන්නෙක් අතරේ ලිංගික එක්වීමකදි භාවිතා වෙන්නේ sex toys නැත්නම් බාහිර ලිංගික තෘප්තිමත්වීම් විතරක් නිසා.

ඒත් කාන්තාවන් දෙදෙනෙක් ලිංගික එක්වීමකදි මුඛ සංසර්ගය (Oral Sex) සිදුකරනවානම් HIV බෝවීමට යම්කිසි ඉඩක් තියනවා කියන එක අමතක කරන්න බැරි කාරණයක්. ඒ හැරෙන්න කාන්තාවන් දෙදෙනෙක් සමරිසි ඇසුරක් පවත්වගෙන යද්දි ඔවුන්ට ලිංගිකව HIV බෝවෙන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි.

නමුත් පිරිමියෙක් පිරිමියෙක් එක්ක පවත්වන ලිංගික ඇසුරකදි තත්වය මීට වඩා වෙනස්. මොකද එහෙම ඇසුරකදි එක් පුරුෂයෙක් තවත් පුරුෂයෙක්ගේ ගුද මාර්ගයට තමන්ගේ පුරුෂ ලිංගය ඇතුල් කරලා (Anal Sex) ලිංගිකව එක්වීම සිදුවෙන්න පුළුවන් නිසා එතනදි එක් අයෙක් ආසාදිතයෙක් නම් අනිත් කෙනාට බෝ වෙන්න වැඩි ඉඩකඩක් තියනවා.

ඒකට හේතුව වෙන්නේ මෙතනදි පුරුෂයන් දෙදෙනා ලිංගිකව එක්වෙද්දි ආරක්ෂිත කොන්ඩමයක් පාවිච්චි කරන්නේ නැත්නම් සහ එක් අයෙක් ආසාදිතයෙක් නම් ගුද මාර්ගය ආශ්‍රිතව ලිංගිකව එක්වීමේදී ගුද මාර්ගයේ ඇති සියුම් පටකවලට හානිවෙලා රුධිරය ගලායාමක් සිදුවුණොත් ඒ රුධිරය මගින් HIV ආසාදනය වෙන්න වැඩි හැකියාවක් තියනවා.

මොකද ගුද මාර්ගය කියන්නේ ලිංගිකව එක්වීමට සැකසුණු ස්ථානයක් නෙවෙයි නිසා ස්ත්‍රියකගේ යෝනි මාර්ගයේ ඇති ලිංගික එක්වීමකට ඔරොත්තු දෙන ශක්තිය ගුද මාර්ගයේ නෑ. ඒ නිසාම ගුද මාර්ගික සංසර්ගයේදී HIV වගේම තවත් ලිංගාශ්‍රිත රෝග ගණනාවක් බෝවෙන්න වැඩි ඉඩකඩක් තියනවා කියලා පර්යේෂකයන් සඳහන් කරනවා.

ඒ නිසා සමරිසි ඇසුරක් පවත්වාගෙන යන අයට වගේම මේ ගැන දැනුවත්වෙන්න ඕන හැම කෙනෙක්ටම මේ කරුණ වැදගත් වේවි. විශේෂයෙන්ම මාරාන්තික HIV/AIDS රෝගයෙන් වැළකිලා ඉන්නනම් ඔබේ ලිංගික සබඳතාවන් විශ්වාසවන්ත එක්පුද්ගලයෙක්ට පමණක් සීමා කරන එක වගේම, ලිංගිකව එක්වෙද්දී හැකි සෑම අවස්ථාවකම ආකර්ෂිත කොන්ඩමයක් පළඳින එක වැදගත් පුරුද්දක් වේවි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍යනම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් තොරතුරු ලබාගන්න පුළුවන්.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here