ලොව පුරාම කිතුණු බැතිමතුන් අද නත්තල් උත්සවය සමරන්නේ එක් එක් රටවල එක් එක් ජන වර්ගයන්ට ආවේණික සංස්කෘතික සහ කලා රසාංගයන් ද එක්කර ගනිමින් ය. සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ බෙත්ලෙහෙම් නුවර දිළිඳු ගවලෙනක උපත ලබමින් මිනිසුන්ගේ ආදරය සහ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකිරීම සිහිකරමින් මෙලෙස නත්තල් සැමරීම සිදුකරනු ලබයි.
නත්තල වනාහි මිනිසුන්ට ප්‍රේම කිරීම, උපකාර කිරීම සහ ආදරය කරුණාව පැතිරීමේ මහඟු ප්රයත්නය නත්තලේදී සිහිපත් කරමින් ඒ ක්‍රියාකාරකම් දිරිගැන්වීම සිදුවේ. නත්තල් දේව මෙහෙයන් ලොව පුරාම කිතුනු දේවස්ථානවලදී සිදුකරන අතරම ජාති, ආගම් භේදයකින් තොරව නත්තල් සැමරීම අපූරු සිදුවීමකි.
ජේසු සමිඳානන්ගේ පණිවිඩය අනුව දේවියන්වහන්සේගේ වදන් ප්‍රකාරව දිළිඳු ජනතාව වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙසත් ලොව පුරා සෑම දෙනෙක්ම එකලෙස සලකා සාමය පතුරවන ලෙස මුළුමහත් ලෝකවාසීන්ගෙන් ඉල්ලා ඇත.
හුදෙක්ම නත්තල නැමති මේ උතුම් දිනය සාද පවත්වමින් ප්‍රීතිවීම සහ මිළ අධික දෙයින් සැරසීම වෙනුවට අනෙකා කෙරෙහි මහත් ආදරයෙන් සහ කරුණාවෙන් කටයුතු කිරීම නත්තලේ සැබෑ අරුථ ලොවට ගෙනයාමට විශාල මෙහෙයක් කරනු ඇත.
ඔබ සැමට සුබ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක් වේවා යන්න ‘ලක්වාහිනී‘ අපේ පැතුමයි!