කෝපි කියන්නේ ලංකාවේ අපිට අළුත් දෙයක් නෙවෙයි. අතීතයේ ඉඳන් ලංකාවේ කෝපි වගාකරපු නිසාම අපිට හැමදාමත් උසස් තත්වයේ කෝපි බොන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි, අපි කෝපිවලින් තව තව කෑම බීම හදාගත්තා. කෝපි කේක්, කෝපි බිස්කට්, කෝපි ජූස්, කැපුචිනෝ වගේ නොයෙක් දේවල් අපිට බොහොම හුරුයි.

ඒත් මේ බොන කෝපිවලින් අපේ මුහුණ ලස්සන කරගන්න, පැහැපත් කරගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන ඉන්නේ නැතිව ඇති. කෝපි කියන්නේ බොහොම උසස් අන්තර්ගතයක් සහිත ස්වාභාවික නිෂ්පාදනයක් නිසා මුහුණ පැහැපත් කරගන්න සත්කාරයක් විදිහට කෝපි පාවිච්චි කරන හැටි තමයි අද කියලා දෙන්නේ.

Coffee වලින් සමට ඇතිවෙන වාසි

කෝපි නිසා හමට බොහෝ වාසිදායක නැත්නම් ගුණදායක දේවල් සිද්ධවෙනවා. හැබැයි අපි කෝපි භාවිතා කරන විදිහ අනුව තමයි. කොහොමවුනත් කෝපි වලින් ඔබේ මුහුණට මෙන්න මේ වගේ ප්‍රයෝජන තියනවා.

  • කෝපි කැෆේන් එකක් විදිහට ගත්තම, එහි අන්තර්ගත විටමින් සහ අනෙකුත් දේ නිසා සම මත තිබෙන රැළි නැතිකරලා සමට පෝෂණයක් ගෙන දෙනවා.
  • කෝපි වලින් සම මත උෂ්ණාධික බව නිසා ඇතිවෙන දැවිල්ල සහ රස්නය වළක්වනවා. කෝපිවල ඇති සිසිලකාරක බව නිසා සම සිසිල් කරවන්න කෝපි වලට පුළුවන්.
  • කෝපිවල ඇති ප්‍රතිඔක්සිකාරක නිසා සමට සැහැල්ලුවක් ලැබෙනවා.
  • ඒ වගේම කෝපිවලට පුළුවන් අධෝරක්ත කිරණ නිසා සමට ඇතිකරන හානි නැවත යථා තත්වයට පත්කරන්න.
  • සම මතදී කෝපිවලට සමේ ඇති එන්සයිම එක්ක ප්‍රතික්‍රියා කරලා වියළි සමක් වෙනුවට තෙල් සහිත යොවුන් සමක් ලබාගන්න පුළුවන්.

Scrub එක හදාගන්නේ කොහොමද

ඉතින් මේ කියපු වාසි සමට ලැබෙන නිසා ඔබේ මුහුණට වඩාත් පෝෂණයක් සහ ආරක්ෂාවක් ලැබෙන Natural Scrub එකක් කෝපි වලින් හදාගන්නේ මෙන්න මෙහෙමයි.

  • කෝපි ස්වල්පයක් සහ යෝගට් එකක් ගන්න. යෝගට් තේ හැඳි එකක ප්‍රමාණයට, කෝපි තේ හැඳි කාලක් එකතු කරන්න.
  • දැන් හොඳින් මිශ්‍ර කරලා හදාගන්න ස්ක්‍රබ් පල්ප් එක ඔබේ මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කරලා හෙමින් මසාජ් කරන්න.
  • දැන් මින්ත්තු 5ක් විතර කාලයක් නිදහසේ ඉන්න.
  • පස්සේ මද රස්නේ වතුරින් හොඳින් සෝදා හරින්න. මේ විදිහට සතියට දෙපාරක් විතර කලාම බොහොම සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
  • ඔබේ සම තෙල් සහිත සමක් නම්, මෙතනදි යෝගට් සහ කෝපි වලට අමතර පොල්තෙල් ස්වල්යක් ස්ක්‍රබ් එකට එකතු කරන්න.
- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here