වැලිකඩ දේවස්ථානය තුළ තිබී හමුවූ ජීව අත් බෝම්බය පිළිබඳව තොරතුරු දන්නේ නම් පියතුමන්ලා කළ යුත්තේ ඒවා පොලිසිට භාර දීම මිස මාධ්‍යයට පැවසීම නොවන බව මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

යම් තොරතුරු  තමා සතු වේ නම් ඒවා පොලීසියට ලබාදීමට පෙර ඒවා මාධ්‍යට ලබාදීම සිදුවුවහොත් අදාළ සැකකරුවන්ට සැඟවී සිටීමේ ඉඩකඩ විවර වන බව වීරසේකර මහතා කියයි.

පසුගියදා එම සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී හමු වූ අත්බෝම්බය සම්බන්ධයෙන් සීසීටීවී පරීක්ෂා කිරීම පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසන තර්කය තර්කානුකූල නොවන බවත් කිසිදු අවස්ථාවක සිසිටිවි දර්ශන මකා දැමීමට හෝ ඒවා පරීක්ෂා නොකර සිටීමට පොලිසිය කටයුතු කර නොමැති බවද ඇමතිවරයා පවසනවා.

 මෙම නිසා මෙම බෝම්බය ද සම්බන්ධ සියලු දෙනා සොයා විමර්ශන කටයුතු ආරම්භ කර මහමොළකරු කඩිනමින් සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්  යොදවා ඇති බව ඇමතිවරයා පැවසුවේ බඩල්ගම පොලිස් ස්ථානය විවෘත කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින්.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here