කිරුළි කියන්නේ මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්. ‘හිත ලඟ හිණැහුනා’ නාට්‍යයෙන් බොහෝ දෙනාට ලංවූ මේ දඟකාර කටකාර කෙල්ල ගැන විස්තර දැන ගන්න හැමෝම කැමති නිසා අපි ඇයට කතා කළා.

සම්පූර්ණ නම
ෂෙනායා ඇනීසා වැනොෆ්.

පාසල් ගියේ…
බොරැල්ලේ All Saints Church කොලේජ් එකට.

ඉගෙන ගත්තේ
ඕලෙවල් විතරයි.

ඇයි ඒ?
මගේ කැමැත්ත තිබුණේ පැෂන් ඩිසයින්වලට හා රූපලාවණ්‍යවලට. ඒත් ඒවා කරන්න ලැබුණේ නැහැ.

ඒ මොකද?
මගේ මාමා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. අම්මයි, තාත්තයි දෙන්නම කිව්වේ මට එහෙට යන්න කියලා.

ඉතින් ගියාද?
මම එහේ යන්න කැමති වුණේ නැහැ.

එහෙම කළේ…
ඇත්තම කිව්වොත් ඒ වෙනකොට මගේ ආදර සම්බන්ධයක් තිබුණා.

ඉතින්…
මාව ගොඩක් අය හඳුන ගත්තේ නැන්දම්මා දැක දැක නොදැක්ක යනවා වගේ කියන ස්ප්‍රයිසි කැකර් දැන්වීම නිසා. කමර්ෂල් වගේම ගීතවල වීඩියෝවලටත් මා ඒ කාලයේ පෙනී සිටියා. මේවා කරන කාලේ තමයි එයා මට හමුවුණේ.

ඊට පස්සේ?
එයත් ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. අපේ සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ මම මේ වැඩවලට සම්බන්ධ වෙනවාට එයා කැමති වුණේ නැහැ.

ඊට පස්සේ..?
මම පිරිමි ළමයි එක්ක රඟපානවට එයා කැමති වුණේ නැහැ. ඒ නිසා තනියම කරන කමර්ෂල් විතරක් කළා. එහෙම කරගෙන එයා කියන විදියට මම ජීවිතය ගොඩනගා ගත්තා.

එහෙම ඉන්න පුළුවන්ද?
වසර දෙකක් විතර ඒ කටයුතුවලින් මම ඉවත් වෙලා සිටියා. ඉන් පස්සේ අපි දෙන්නා වෙන් වුණා. ඊට පස්සේ. මහේෂ් අයියා මට ඒ චරිතය ගැන කිව්වා. කටකාර, දඟකාර කිරුළි ගැන. ඒ චරිතය රඟපාන්න මම කැමති වුණා.

කොහොමද කිරුළි වුණේ…
අශේන් සිරිවර්ධන අයියා මට මුණ ගැසුණා. ඔහු තමයි මට කිව්වේ මාව මහේෂ් අයියාගේ නිර්මාණයකට හොයනවා කියලා. ඔහු මාව හොයලා තිබුණේ 2017 වසරේ පටන්. ඒත් ඒ කාලයේ හිටිය මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා මාව නිර්මාණවලට ඉල්ලුවත් ඔහු ඒකට කැමති වෙලා තිබුණේ නැහැ.

ඔබත් කිරුළි වගේද?
කිරුළි වගේ. එහෙම වෙන්නේ මගේ යහළු යෙහෙළියෝ ළඟදි විතරයි. ඒ වෙලාවෙදි ඒ විදියට දඟ කරලා, කටකාර වෙලා මම ෆුල් ෆන් එකක් ගන්නවා. ඒත් ගෙදරදි නම් මම නිශ්ශබ්ද චරිතයක්.

අලුත් නිර්මාණ මොනවද?
මට එක දිගට වැඩ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතුරින් වැඩ දෙකක් විතර භාර ගත්තා. ඒ නිර්මාණවල වැඩ ළඟදීම ආරම්භ කරාවි.

පවුලේ ඉන්නේ කවුද?
අම්මියි. තාත්තියි. අක්කලා තුන්දෙනයි. ලොකු අක්කි බැඳලා ඉන්නේ සිරස සුපර් ස්ටාවලින් ආව අමිල පෙරේරාව. අනෙක් අක්කලත් බැඳලා.

ඔයා රඟපානවට ගෙදරින් කැමතිද?
මුලින්ම තාත්තා කැමති වුණේ නැහැ. දැන් නම් ඒ ගැන තාත්තාගේ අකමැත්තක් නැහැ. අමිල අයියා ඉන්න නිසා. මගේ මස්සිනාට කියලයි මම මොකක් හරි වැඩක් ආවොත් භාර ගන්නේ. ඔහු තමයි ඒවා හොඳ ද නැද්ද බලලා ඒවට යන්න කියලා කියන්නේ.

සෙට් එකේ අයගෙන් ලැබෙන සහයෝගය?
රඟපාන අනෙක් අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. හැබැයි මාත් එක්ක රඟපාන දෙවුණකට නම් මම දෙබස් කියද්දි ටිකක් බයයි. හැබැයි මුලින්ම නම් ඒ දෙන්නා මගෙත් එක්ක කතා කළේවත් නැහැ. ඒත් දැන් නම් කතා කරනවා.

ගෙදර ඉන්න වෙලාවට..?

නිවාඩු හැම වෙලාවකම මම ගෙදරට වෙලා ඉන්න කැමතියි. ඒත් ඒ මගේ කාමරේ. ඒ නිසා අම්මිලා නම් මට නිතරම බණිනවා. අනෙක් අයත් එක්ක කතා කරලා ඉන්නේ නැහැ කියලා. එක වෙලාවකට කාමරේට වෙලා මම කරන්නේ මොනවාද කියලා මම ම දන්නේ නැහැ. පෝන් එකෙත් නොවෙයි ඉන්නේ.

ආදර සම්බන්ධතා..
මට ආදර සම්බන්ධතා තුනක් විතර තිබුණා. මුලින්ම කෙනෙක් මගෙන් ඇහුවා. මම කිව්වා ගෙදරින් අහන්න කියලා. බලන කොට එයා අපේ අම්මිලාගේ යහළුවකුගේ පුතෙක්. ඒත් අපි නිකං කතා කළා විතරයි. ඒක ඉතින් ආදර සම්බන්ධයක් කියලා කියන්නත් බැහැ. මාස දෙකකට පස්සේ ඒ කතාව නැවතුණා.

අනෙක් ඒවාට මොකද වුණේ?
එයාගේ සම්බන්ධයත් වසර දෙකකට පස්සේ අවසන් වුණා. අම්මලා නම් ඒකට කැමති වුණේ නැහැ. මගේ කැමැත්තට කළේ. මේ වෙනකොට වෙන්වෙලා මාස 09ක් විතර ගතවෙලා. අනෙක් එක ඊට පස්සේ. ඒක තිබුණේ මාසයක් විතර වගේ. ඒත් ඒක නම් මගේ හිතට ගොඩක් දැනුණා.

කවුද එයා?
එයා ක්ෂේත්‍රයේ කෙනෙක්. ඒ ගැනයි මම කල්පනා කරන්නේ.

වෙන් වුණේ ඇයි?
එයාගේ ප්‍රශ්න නිසා. ඒ කියන්නේ බොරු කළා. ඇත්තටම මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. නැවතත් මම ඒ වගේ සම්බන්ධතාවක් ඇති කරගන්න කැමති නැහැ. ඇත්තටම මම ඒවා ගැන ඉස්සරහට හිතන්නේ නැහැ.

– තිලානි ශානිකා විතානාච්චි

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here